නේපාල පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. 

තමා දූෂණය කළ බව පාර්ලිමේන්තු සේවිකාවක් විසින් චෝදනා ගොනු කිරීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

කතානායකවරයා බීමතින් තමාගේ නිවසට පැමිණ මෙම අතවරය සිදුකළ බවත් තමාට පහර දුන් බවත් සේවිකාව අධිකරණය හමුවේ පවසා ඇත. 

කෙසේවුවද අධිකරණය විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන විට ඔහු ඉල්ලා අස්වී තිබූ බවද සඳහන් වේ.

හිටපු මාවෝවාදියෙකු වන කතානායකවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසා ඇත. අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් තමා ඉල්ලා අස්වූ බවද ඔහු පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)