
නේපාලයේ දින පහක් තිස්සේ පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වය, නව අගමැතිනිය පත්කිරීමෙන් පසු පහව යමින් පවතී.
හමුදාව පැනවූ ඇදිරි නීතිය ද ඉවත් කර ඇති අතර, සිරගෙවල්වලින් පැනගිය සියලුම සිරකරුවන්ට යළි පැමිණෙන ලෙස ද නේපල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ප්‍රචණ්ඩ ක්‍රියා මැද රට පුරා බන්ධනාගාරවලින් රැඳවියන් සහ සිරකරුවන් 13,500 කට වැඩි පිරිසක් දිස්ත්‍රික්ක 77 කින් පැනගොස් ඇති අතර ඉන්දීය දේශසීමා හමුදා බලකායන් බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ බටහිර බෙංගාලයට පලා යෑමට උත්සාහ කළ සිරකරුවන් අත්අඩංගුවට ගෙන නේපාල බලධාරීන්ට ආපසු භාර දී ඇති බව පැවැසෙයි.
විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, දින ගණනක් වසා දැමීමෙන් පසු සාප්පු, සිල්ලර වෙළඳසැල්, එළවළු වෙළඳපොළවල් සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කර ඇත. දූෂණ විරෝධී විරෝධතාවලදී පුද්ගලයන් 51 දෙනෙක් මිය ගොස් 1,300 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
නේපාලයේ අන්තර්වාර අගමැතිනිය ලෙස හිටපු අගවිනිසුරු කාර්කි පත්කිරීමෙන් පසුව රටවල් ගණනාවකින් සුබ පැතුම් එක් කර ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුම ඔස්සේ කාර්කි ට සුබ පතා ඇත. නේපාලයේ චීන තානාපති ද නව අගමැතිවරිය දිවුරුම්දීමේ උත්සවයට පැමිණි බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd