නේපාලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

නේපාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අවධානයෙන් සිටින අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට ඇතිවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා උපරිම අවදානයෙන් සහ විමසිල්ලෙන් සිටින ලෙසයි උපදෙස් ලබා දී ඇත.

අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීම සඳහා, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ දුරකථන අංකය වන +977- 9851048653 ඔස්සේ පැය 24 පුරාම ඇමතිය හැකි බවය ද තානාපති කාර්යාලය පවසන්නේ.