නේපාලයේ බජුරා දිස්ත්‍රික්කයේ කුඩා නිවසක් තුළ කාන්තාවක් හා ඇගේ පුතුන් දෙදෙනා මියගොස් සිටියදී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කුඩා නිවස කාන්තාවන් ඔසප් සමය ගත කිරීම සඳහා භාවිතා කරන එකක් බවත් නිවස උණුසුම් කිරීම සඳහා ගිණිමැලයක් දල්වා තිබුණු බවත් පොලිසිය පවසයි.
දරුවන් දෙදෙනා අවුරුදු 12 සහ 09 වයසේ පසුවෙති.මව සහ දරුදෙදනා නින්දේ සිටියදීම මියගොස් ඇති අතර දුම ආශ්වාස වීම හේතුවෙන් මිය යන්නට ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
ඔසප් සමයේදී කාන්තාවන් නිවසින් බැහැර කිරීමේ මෙම චාරිත්‍රය නේපාලයේ තහනම් කර ඇති නමුත් ග්‍රාමීය ප්‍රදේශ වල තවමත් දක්නට ලැබේ.
(බිබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් ඉපදුණු දේශයේ වෙසෙන මිනිසුන් මෙතරම් අඳුරු යුගයක තවමත් ජීවත් වෙනවා යයි මා සිතුවේ නැහැ...