නේපාලයේ සහනකටයුතුවලට යොදවා තිබූ ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක් අඟහරුවාදා සවස සිට අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු නාවික භටයන් හය දෙනකු හා නේපාල සහන සේවකයන් දෙදෙනකු සමග පියාසර කරමින් සිටිය දී මේ යානය අතුරුදන්ව ඇතැයි පෙන්ටගනය ප්‍රකාශ කරයි.
කත්මණ්ඩු අගනුවරට සැතපුම් 45ක් දුරින් පිහිටි චැරිකොට් ප්‍රදේශයේ දී අතුරුදන්වීමට පෙර යානයේ ඉන්ධන ගැටළුවක් ඇතැයි කාර්ය මණ්ඩලය පවසා ඇතැයි ද ඇමෙරිකන් හමුදාව විදෙස් මාධ්‍යවලට පවසා ඇත.
නේපාල හමුදා භටයන් සහ පොලිසිය පිරික්සුම් මෙහෙයුම් වල යෙදුන ද මෙතෙක් යානය සොයා ගැනීමට නොහැකි වී ඇත. ඇමෙරිකා සමුද්‍ර බලඇණියට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ඇතුළු තවත් හෙලිකොප්ටර් යානා කිහිපයක් අතුරුදන් යානය ගැන සොයා බැලුව ද ඒ පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ඒකාබද්ධ කාර්ය සාධන බලකායේ මහජන කටයුතු භාර නිලධාරිනි කපිතාන් කැසන්ඩා එම් ගෙසෙක්කි පවසා ඇත්තේ මෙතෙක් අතුරුදන් යානය පිලිබඳ කිසිම හෝඩුවාවක් නොලැබුනු බවයි. තම හමුදා නිලධාරීන් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට හොඳින් පුහුණුව ලබා ඇති බැවින් ඔවුන් තවමත් නිරුපද්‍රිතව සිටිතැයි තමන් විශ්වාස කරණ බව ද ඇය කියන්නීය.
යානය අතුරුදන්ව ඇත්තේ අඟහරුවාදා රික්ත මාපකයේ 7.3ක් සටහන් කරමින් සිදුවූ භූමිකම්පාවේ අපි කේන්ද්‍රයට ආසන්නයේ දී බව ද දැනගන්නට ඇත. එසේ වුව ද යානය කඩා වැටුණු බවට කිසිදු හෝඩුවාවක් නැතැයි ද පිරික්සුම් කණ්ඩායම් පවසයි.
බලධාරින් පවසන්නේ කඳුකර ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවල සන්නිවේදන කටයුතු ගැටළුකාරි තත්වයන් පවතින බැවින් හෙලිකොප්ටර් කාර්යය මණ්ඩලය ජීවතුන් අතර සිටින බවට සිතා ඔවුන් බේරාගැනීමට පිරික්සුම් කටයුතු වඩාත් කඩිනම් කැර ඇත.
යානය සෙවීමට නේපාලයේ පාබල හමුදා ද යොදවා සිටියි.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේපාලයේ දී ඇමෙරිකා යානයක් අතුරුදන්
සොපී Wednesday, 13 May 2015 07:28 PM
එකත් එකටම පිටසක්වළ ජීවින් යානය පැහැරගන්න ඇති (නි)
අනුෂ්ක Thursday, 14 May 2015 02:48 AM
හ්ම්ම් මමත් හිතන්නේ මේ මේක පිට සක්වල අවුලක්. (බ)
මැටිපහන Thursday, 14 May 2015 03:31 AM
දැන් ඔක්කොම වැඩ නවත්තලා මේක හොයන්න එපැයි.(ම)