IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


නේපාල වැසියෝ වීදි බසිති

‘එම්.සී.සී’ හෙවත් ‘සහස්‍ර අභියෝගතා ගිවිසුම’ හරහා ඇමෙරිකා රජයෙන් නේපාලයට හිමිවන ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදල් ආධාර ප්‍රතික්ෂේප කරමින්, නේපාල වැසියෝ විරෝධතා පවත්වති.

විරෝධතා පැවැත්වෙන්නේ, ‘එම්.සී.සී’ ගිවිසුම හරහා නේපාලයට ඇමෙරිකාවෙන් මුදල් හිමිවීම, නේපාලයේ ස්වෛරීත්වයට විශාල තර්ජනයක් බව පෙන්වා දෙමිනි. විරෝධතා සංවිධානය කර ඇත්තේ චීන හිතවාදී නේපාල මාඕවාදී දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්වෙමිනි.

ඊයේ (19) කත්මණ්ඩු අගනුවර පැවැත්වුණු විරෝධතා ප්‍රචණ්ඩකාරී විය. ඒ විරෝධතාකරුවන් පාලනයට පොලිසිය යෙදවුණු අවස්ථාවේදීය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවෝ රජයේ ගොඩනැගිලිවලට පහර දෙමින් ටයර් ගිනි තබන්න වූහ.

ඇමෙරිකාව පවසන ආකාරයට ‘එම්.සී.සී’ ගිවිසුම හරහා නේපාල රජයට ලබා දෙන්නේ මුදල් ත්‍යාගයකි. ඒ, නේපාල වැසියන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීමටය.

නේපාලයේ මාර්ග ඉදිකිරීම, සංවර්ධනය, විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම මුදල් යෙදවෙයි. ඇමෙරිකාව සහ නේපාල රජය අතරේ ‘එම්.සී.සී’ ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ 2017 වසරේදීය. ඒ දෙරට අතර මිත්‍රත්වය තව තවත් වර්ධනය කර ගනිමිනි.

නේපාල රජය විරෝධතාකරුවන්ට පැහැදිලි කර ඇත්තේ ඇමෙරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500 ක මුදල, ඇමෙරිකාවෙන් ලැබෙන ත්‍යාගයක් පමණක් බවත්, එම මුදල යළි ඇමෙරිකාවට ලබා දීමට අවශ්‍ය නොවන බවය. කෙසේ නමුත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ නේපාල සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව එම මුදල් ලබා දෙන්නේ යටි අරමුණකින් බවත් එය නේපාලයේ ස්වෛරීත්වයට බරපතල තර්ජනයක් බවත්ය.

(රොයිටර්)



අදහස් (0)

නේපාල වැසියෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site