මගීන් 20ක් සහ කාර්ය මණ්ඩලයේ තුන් දෙනකු රැගත් ටාරා ගුවන් සේවයට අයත් ට්වින් ඔටර් වර්ගයේ කුඩා ගුවන් යානය බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නේපාල බළධාරීන් පවසන්නේ යානයේ සිටි 23 දෙනාම මියගොස් ඇති බවයි.

මළ සිරුරු කිහිපයක් සොයාගත් නමුත් ඒවා හඳුනාගැනීමට අසීරු වූ බව නේපාල සංචාරක හා ගුවන් සේවා ඇමැති ආනන්ද පොකාරෙල් මහතා පවසා ඇත.

ටාරා ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ බදාදා අද (24) උදෑසන නේපාලයේ පොක්හාරා නගරයෙන් ගුවන් ගතවූ මෙම යානය ජොම්සොම් නගරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබූ බවයි. විනාඩි 19ක් පමණ කුඩා කාලයක් මෙම ගමනට ගතවන බවත් යානය ගුවන් ගතවී අටවන මිනිත්තුවේදී සියළු සබඳතා බිඳ වැටුණු බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

article-2209766-153E9668000005DC-403_964x640