මගීන් 20ක් සහ කාර්ය මණ්ඩලයේ තුන් දෙනකු රැගත් ටාරා ගුවන් සේවයට අයත් ට්වින් ඔටර් වර්ගයේ කුඩා ගුවන් යානය බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නේපාල බළධාරීන් පවසන්නේ යානයේ සිටි 23 දෙනාම මියගොස් ඇති බවයි.
මළ සිරුරු කිහිපයක් සොයාගත් නමුත් ඒවා හඳුනාගැනීමට අසීරු වූ බව නේපාල සංචාරක හා ගුවන් සේවා ඇමැති ආනන්ද පොකාරෙල් මහතා පවසා ඇත.
ටාරා ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ බදාදා අද (24) උදෑසන නේපාලයේ පොක්හාරා නගරයෙන් ගුවන් ගතවූ මෙම යානය ජොම්සොම් නගරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබූ බවයි. විනාඩි 19ක් පමණ කුඩා කාලයක් මෙම ගමනට ගතවන බවත් යානය ගුවන් ගතවී අටවන මිනිත්තුවේදී සියළු සබඳතා බිඳ වැටුණු බවත් ඔහු තවදුරටත් පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාල යානය කඩා වැටිලා