අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට එක්රැස්ව සිටි නේපාල පාර්ලිමෙන්තුවේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇති විය.
අලුත් ව්‍යවස්ථාවට විරෝධය පළ කළ සුළුතර මාවෝවාදී පක්ෂයේ සාමාජිකයෝ රජයේ නියෝජිතයින්ට පුටු වලින් හා මයික‍්‍රපෝන වලින් පහර දුන්හ.එක් පුටුවක් කතානායක දෙසටද එල්ල විය.
කලබලය වැඩිදුර යානොදී ආරක්ෂක අංශ මැදිහත්ව සියලූදෙනා පාර්ලිමෙන්තුවෙන් පිටතට ගෙන යනු ලැබූහ.
මාවෝවාදී පක්ෂ සභිකයින් පවසන්නේ නව ව්‍යවස්ථාවෙන් තම පක්ෂයේ බෙදීමක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.ව්‍යවස්ථාවෙන් නේපාලය අලූතින් පළාත් පාලන කොටස් වලට බෙදීමට යෝජිත අතර එය මාවෝවාදිී පක්ෂයේ බලය දියවී යෑමට හේතුවක් වනු ඇතැයි ඔවුහු බියව සිටිති.
ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ වුවද මෙම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට ප‍්‍රමාණවත් ඡුන්ද සංඛ්‍යාවක් ලැබෙන බවට ඉඟි දැනටමත් පළව තිබේ.නේපාල පාර්ලිමෙන්තුවේ සභිකයින් 605 දෙනාගෙන් තුනෙන් දෙකක් ව්‍යවස්ථාවට දෙකක් ව්‍යවස්ථාවට පක්ෂව පෙනී සිටිනු ඇති බව සදහන් වීම ඊට හේතුවයි.
2006 වසරේදී මාවෝවාදීන් අවි බිම තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට පිවිසීමට කැමැත්ත පළ කළ දිනයේ සිට නේපාල පාර්ලිමෙන්තුවට ගැටුම් වලින් අඩුවක් නොවීය.එදා සිට මේ දක්වා මැතිවරණ 2 ක් පවත්වා තිබෙන අතර අග‍්‍රාමාත්‍යවරුන් 6 ක් එම ධූරය හොබවාද ඇත.නමුත් මේ වන තෙක්ම රටට වඩාත්ම අවැසිව තිබෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට නොහැකිව තිබේ.
විරෝධතා මධ්‍යයේ වුවද මෙවර ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඉහළ හැකියාවක් නේපාල පාර්ලිමෙන්තුවට තිබෙන බව විචාරක මතයයි.
මේ ගැටුම් නිසාම වරක් සියයට 6.1 ක වර්ධන වේගයක් අත්කරගෙන සිටි නේපාලය මේ වන විට සියයට 3.6 ක වර්ධන වේගයක් දක්වා පහතට බැස සිටී.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේපාල මැතිසබේ ගාලගෝට්ටි
ගුණපාල Wednesday, 21 January 2015 07:59 AM
බලාගෙන යනකොට නේපාලයත් ලංකාව වගෙයිනේ (නදී)
වජිරා Wednesday, 21 January 2015 08:42 AM
ලංකාවෙන් ඉගෙන ගෙනද දන්නේ නෑ (අ)