IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නේපාල බසයයක් ප්‍රපාතයකට පෙරැළී 33ක් මරුට

නේපාලයේ කව්රිපලන්චොක් ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 33 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

කත්මණ්ඩු අගනුවර සිට කව්රිපලන්චොක් හි ගමකට ධාවනය වෙමින් තිබූ බසය කඳුකර පෙදෙසකදී මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයට පෙරැලී ඇති අතර අනතුරින් 38 දෙනකු තුවාල ලබා ඇතැයි කියති.

මළ සිරුරු 27ක් හඳුනාගත් බවත් ගැඹුරු හෙළෙහි තැනින් තැන සිරුරු විසිරී තිබීම හේතුවෙන් ඒවා එකතු කිරීම අසීරු වී ඇති බවත් එරට ආරක්ෂක අංශ පවසයි. තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදාගත් බවද කියති.

එම මාර්ගය බොරළු සහිත පටු මාර්ගයක් බවත් අනතුරට හේතුව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් රැගෙන යාම විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් නේපාල වාර්තා කියයි.

web60815135105-02-nepal-bus-crash-0815-exlarge-169

 



අදහස් (0)

නේපාල බසයයක් ප්‍රපාතයකට පෙරැළී 33ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 603 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site