නේපාලයේ කව්රිපලන්චොක් ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 33 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

කත්මණ්ඩු අගනුවර සිට කව්රිපලන්චොක් හි ගමකට ධාවනය වෙමින් තිබූ බසය කඳුකර පෙදෙසකදී මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයට පෙරැලී ඇති අතර අනතුරින් 38 දෙනකු තුවාල ලබා ඇතැයි කියති.

මළ සිරුරු 27ක් හඳුනාගත් බවත් ගැඹුරු හෙළෙහි තැනින් තැන සිරුරු විසිරී තිබීම හේතුවෙන් ඒවා එකතු කිරීම අසීරු වී ඇති බවත් එරට ආරක්ෂක අංශ පවසයි. තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදාගත් බවද කියති.

එම මාර්ගය බොරළු සහිත පටු මාර්ගයක් බවත් අනතුරට හේතුව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් රැගෙන යාම විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් නේපාල වාර්තා කියයි.

web60815135105-02-nepal-bus-crash-0815-exlarge-169