ෆ්රුල්ලොනේ සන් රොක්කෝ කුදු නඟරයේ පිහිටි "නාපොලි බෞද්ධ විහාරය "යුරෝපයේ විශාල ම විහාර මන්දිරය බවට ඉතාලි පුවත්පත් විසින් ඉකුත් දා අබිසෙස් ගන්වා තිබෙනු දක්නට ලැබිණි. දක්ෂිණ ඉතාලියේ ජනප්‍රිය පුවත්පතක් වන "කොර්රිඑරෙ දෙල් මෙත්සොජෝර්නෝ ," වෙසෙසින් ම ඒ වග සිය ලිපියේ සිරස්තලයේ ම සනිටුහන් කෙළේය.
පනංගල වජිරඥාන මා හිමියන් වහන්සේ එහි විහාරාධිපති හිමියෝ ය. ඒ හිමියන්ගේ පැවිදි දිවියට පස්විසිවස් පූරණය ,සිය නාපොලි පැවිදි මෙහෙවරට දසවස් පූරනය,සෑ රදුන් වහන්සේට කොත් පලඳු මංගල්‍ය ,බෝ රදුන් වහන්සේ ගේ රන්වැට නිරාවරණ මංගල්‍ය,නව ගණ්ඨා කුලුනු විවරුව ආදී සියලු උලෙළු කඨින පූජෝත්සවයට සමගාමී ව සිදු විය.
කඨින පූජෝත්සවය සඳහා මහ සඟරුවන ඉතාලියේ නන් දෙසින් වැඩම කළහ. සිංහල සඟ රුවනින් පැවිදිවරය ලත් ඉතාලි ජාතික හිමි නමක් ද පින්කමට සහභාගී වීම පින්කමේ සුවිසෙස් ලකුණක් සේ දක්නට ලැබිණි.පෙර දා සාර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම සංගායනය බැතිමතුන් මහ පිරිසක ගේ ද සහභාගිත්වය ඇතිව මහ සඟරුවන විසින් ඉටුකැරිණි . කඨින දුස්ස මෙහෙවර ද පෙර දා රැයේ මහ සඟරුවන සහ දායක පිරිස විසින් සාම්ප්‍රදාය නොපිරිහෙළා සව්චිත්ර ව ඉටුකරනු බොදුනු මෙන් ම නොබුදුනු පිරිස් විසින් ද මහත් බැතියෙන් නරඹන සැටිය අපි දුටුමු .මේ විවරුම් උලෙළු සඳහා ද කටින පෙරහර සඳහා ද පැවැති වැසි නොතකා විසල් පිරිසක් සහභාගී වූහ .
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාපොලි බොදු වෙහෙරට ඉතාලි පුවත්පතින් ලොකු තැනක්
සඳුන් Wednesday, 02 December 2015 06:17 AM
මේ වගේ වැඩ වලදී සිංහ කොඩි ගෙනියන එක වරදක් නෙමෙයි. එහෙත් ඉතාලි කොඩියත් ගෙනගියා නම් ගොඩක් හොඳයි (නි)
ජයන්ත Wednesday, 02 December 2015 01:43 PM
බෞද්ධ කොඩිය නැති එක ලොකු අඩුපඩුවක්.(හේ)
ටිනිටි Thursday, 03 December 2015 02:53 AM
ඉතාමත් උතුම් වු පුණ්‍ය කර්මයක්. (ම)
චාමර Wednesday, 02 December 2015 08:48 AM
බෞද්ධ කොඩිය ගෙනිච්චා නම් තවත් හොඳයි.(ම)
විකි Wednesday, 02 December 2015 02:27 PM
තවත් මෙවන් පින් කටයුතු කරන්න වාසනාව ලැබේවා ඔබ සැමට! තෙරුවන් සරණයි. (නි)
ඇසළ Wednesday, 02 December 2015 02:45 PM
චාමර, ජයන්ත, බලන්න පස් වෙනි පින්තුරේ ඉදිර්යෙන් සහ පසුපසින් අරගෙන යන්නේ බෞද්ධ කොඩි නෙමෙයිද කියලා. (ර)
ඉන්දික Wednesday, 02 December 2015 03:25 PM
බෞද්ධ කොඩි නැත්තේ නැහැනේ . ඔය තියෙන්නේ දෙකක් තුනක්. අර පොඩි පුතත් අරන්යන්නේ බෞද්ධ කොඩියක් (හේ)
පිටිගල මිලානෝ Wednesday, 02 December 2015 09:45 AM
මිලානෝ වල හෝ වෙනත් යුරෝපීය නගරවල මෙන් නොව නාපොලි හී බෞද්ධයන්ගේ නිර්ලෝභී සහ පරිත්‍යාගශීලී බව මින් පිළිබිඹු වෙනවා. මෙවන් විශාල පන්සලක් මිලදී ගැනීමට ආධාර කළ නාපොලි බෞද්ධයන්ට මාගේ ප්‍රණාමය.(ම)
ගිතාංජලි Wednesday, 02 December 2015 10:23 AM
බුදුදහම දස දෙස පැතිරේවා සාදු !!!සාදු!!!සාදු!!! (ම)
ජනක ලන්ඩන් Wednesday, 02 December 2015 06:06 PM
හරිම සතුටුයි. මෙවැනි දසුනක් දැකීමත් පිනක්. (රේ)
අමල් Wednesday, 02 December 2015 10:57 AM
උතුම් වූ වැඩක්. (ර)
විකුම් Wednesday, 02 December 2015 09:23 PM
නාපොලි කියන නගරය ගැන අපි බොහොම හොඳට දන්නවා (නි)