ඇන්තනි වීරසිංහ පියතුමා
සසැත්තෑ විය සපිරි ජගත් ජනමාධ්‍යවේදියකු , ජනමාධ්‍ය ගුරුවරයකු වූ කතෝලික පියතුමකු ඉතාලියේ නාපොලි නගරයේ දී ඉකුත් දා අපට මුණගැසිණි. ජගත් පුරුෂයකු හැටියට මුව පුරා ප්‍රතිරාව කළ හැකි මේ පුජකවරයා ඇන්තනි වීරසිංහ නම් වේ. ඉතාලියේ නාපොලි නගරයේ නව ජේසු පුදබිම් දෙව්මැදුරේ ආගමික , සමාජ මෙහෙවරින් ද ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇන්තනි පියතුමා සත්කාර කරයි. ඉතා චාම් නිහතමානීකමින් හෙබි මේ පියතුමා ජනමාධ්‍යවේදී ආචාර්යවරයකු ලෙස ද විදෙස් සරසවි වල ගුරුවරයකු ලෙස ද පාසල්වල ජනමාධ්‍ය සංවර්ධන උවදෙසුවකු ලෙස ද වෙරිටාස් ගුවන් විදුලි සේවයේ ද මාධ්‍යවේදියකු ලෙස ද රෝමයේ වතිකානු ගුවන් විදුලි සේවාවේ ද නිරත වී කර ඇති මෙහෙවර අනල්පය. ඇන්තනි වීරසිංහ නිහඬ චාම් පුජකවරයා සමඟ මුව හමු පිළිසඳර නපොලියේ ජේසු චතුරශ්‍රයේ නව ජේසූ පුදබිම් පරිශ්‍රයේ දී අප විසින් ඉකුත්දා සිදු කැරිණි .
පැනය : ඔබතුමන් උපන්නේ ගාල්ලේ ?
පිළිතුර: ඔව් ! මා උපන්නේ ගාල්ලේ ඇල්පිටියේ. මුලික අධ්‍යාපනය ලැබුවේ ඇල්පිටියේ පාසලින් පසුව ගාල්ලේ ඇලෝසියස් විදුහලට ඇතුළු වුණා .උසස් පෙළ ඉගෙනුම ලැබුවේ ඇලෝසියස් විදුහලෙනි. ඒ කාලයේ සිටම ජන සන්නිවේදනය කෙරෙහි මහත් අභිරුචියක් දැක්වූවා.
ගුවන් විදුලි මාධ්‍යය කෙරේ. මගේ දෙමාපියන් කතෝලික බැතිමතුන්. මා බැතිමත් දරුවකු හැටියට සිය කැමැත්තෙන් ම දේව ධර්ම අධ්‍යාපනය සඳහා යොමු වුණා .
පැනය : ඔබතුමන් පසුව ඉගෙන ගත්තෙත් පූජාකවරය ලැබුයේත් පිලිපිනයේ ?
පිළිතුර: පුජකවරය ලැබීමේ පළමු වන පියවර හැටියට අම්පිටියේ දේව ධර්ම ශාස්ත්‍රාලයේ දෙවසරක මූලික ඉගෙනුම ලැබුවා. එහි දී දර්ශන විද්‍යාව ද හැදෑරුවා. තුන් වසරකට පසුව ඉන්දියාවට ගියා වැඩිදුර අධ්‍යාපනය සඳහා. පැවිද්දට අනුගත නොවිෂේට් පුහුණුව ලැබුවේ බැංගලෝරයේය. ලතින් බස , ග්‍රීක බස , ප්‍රංස බස ආදී නොයෙක් බස් හැදෑරීමට අවස්ථාව ලැබුණා. දර්ශන විද්‍යාව දෙවසරක් ඉගෙන ගත්තා. ඉන් පසු ලංකාවට පැමිණියා . ගුරුවරයකු ලෙස දෙවසරක් ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ සේවය කළා. මා පිලිපිනයට යද්දී මගේ වයස විස්සයි. මා පිලිපිනයට යාමට තෝරා ගනු ලැබුයේ ඇමෙරිකා ජාතික මොරසියෝ දෙරකොස්තා පියතුමන් විසිනි. මොරසියෝ දෙරකොස්තා පියතුමන් තමයි ශ්‍රී ලංකාවේ මෙන් ම පිලිපිනයෙත් ජේසූ නිකාය බාර නායක පියතුමා. මා පමණක් ම නොවේ නාවලපිටියේ චෝවලන්කදේ පීටර් කුරුකුලාරච්චි පියතුමන් ද එතුමන්ගේ තේරීමට ගෝචර වුණා. ඉතින් පිලිපීනයට ගියා. එවිට මා විසි වියේ තරුණයෙකි. පිලිපීනයේ ලයෝලා පුජක විදුහලේ පුජකවරප්‍රාප්තය සඳහා දේව ශාස්ත්‍රිය ප්‍රගුණ කළා . මැනිලා සරසවියේ සන්නිවේදන උපාධි පාඨමාලාව ආරම්භ කළා. පිලිපීනයේ දී 1970ව වසරේ දී පැවිද්ද හිමිකර ගත්තා. පුජකවරය ලැබීමෙන් අනතුරුව තව දෙවසරක් පිලිපිනයේ ඉගෙනීම සිදු කළා. ලංකාවට පැමිණි විගසම කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනු පිණිස ඉන්දියාවේ බොම්බායේ ශුද්ධ ශේවියර් විද්‍යාලයයෙන් ඇරියුම් ලැබුණා. ශුද්ධ ශේවියර් විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ කථිකාචාර්යවරයකු ලෙස ගුවන් විදුලිය , රූපවහිනිය ,පුවත්පත ආදී විෂයන් ඉගැන්නුවා.
පැනය - ඔබතුමන් වෙරිටස් ගුවන් විදුලියට කළ සංවර්ධන මෙහෙවර ගැන කතා කළොත් ?
පිළිතුර - 1972ක වසරේ මා යළිත් පිලිපිනයට ගියා. පිලිපීනයේ වෙරිටාස් ගුවන් විදුලි මධ්‍යස්ථානයේ අන්තර්ජාතික අංශය සංවර්ධනය මට පැවරුණා. වෙරිටාස් ගුවන් විදුලියට මා පත්වීම ලබද්දී එහි භාවිතා කෙරුණේ භාෂා දෙකයි. තායි බස සහ ඉන්දුනීසියා බසයි. වසර හයක් එහි සංවර්ධන මෙහෙවරේ යෙදුණා. සිංහල සහ ඉංග්‍රිසි වෙරිටාස් සේවයට මා පත්වුණා. හින්දි ,දෙමළ ,බෙංගාලි ,මලයාලි යන භාෂා ද ම විසින් එක්කරනු ලැබුවා .
පැනය - ඔබතුමන්ගේ වතිකානු ජනමාධ්‍ය මෙහෙය ගැනත් අපි සතුටුයි දැනගන්නට ?
පිළිතුර - 1982ක වසරේ රෝමයේ වතිකානු ගුවන් විදුලි සේවය කිරීමට මට අරයුමක් ලැබුණා. එහි දස වසරක් සේවය කරනු ලැබුවා. එහි සේවය කරනු ලැබුවේ ඉංග්‍රිසි භාෂාවෙනි. රෝමයේ ජෙසූ නිකාය මුලස්ථානයේ ලේඛකාධිකාරී මෙහෙවර ඉටු කළා. එහි දී මට ඉංග්‍රිසි ලිපි හා කටයුතුවල වගකීම දැරුවා. එම මෙහෙවරේ දෙවසරක පමණ කාලයක් නිරත වුණා .
පැනය - අප මෙතෙක් කතා කළේ යටගිය මේවර ගැනයි. දැන් කතා කරමු වත්මන් මෙහෙවර ගැන?
පිළිතුර- මා නාපොලියට පැමිණීමේ ඇරියුම ලැබුණේ 2012 වර්ෂයේ දීය. නපොලියේ නව ජේසු පුදබිම් දෙව්මැදුරේ අධ්‍යාත්මික සහායක පියතුමන් ලෙස මා පත්වීම ලැබුවා. මේ නාපොලි නගරයේ ශ්‍රී ලාංකිකයන් අටදහසක්-දසදහසක් පමණ දෙනා වාසය කරනවා. එයින් පන්දහසක් පමණ දෙනා කතෝලික බැතිමතුන් වෙනවා. උදේ පූජාවට බැතිමතුන් 150ක් ද සවස පූජාවට බැතිමතුන් 250ක්-300ක් පමණ දෙනා සහභාගී වෙනවා. මංගල්‍ය දිනයක් නම් එනවා 2000ක් පමණ දෙනා පැමිණෙනවා. නත්තලට එන පිරිස බොහෝමයි. අප විසින් සිංහල දරුවනට ඉරුදින දහම් පාසල් නොමිලයේ පවත්වනවා. ගුරු මණ්ඩලයේ 15ක් පමණ ස්වෙච්ඡා සේවා ගුරුවරුන් සේවා සපුරනවා.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාපොලි පල්ලියේ ලක් පියතුමා
මංගලා Thursday, 10 December 2015 11:54 AM
ඔබතුමන් සහභාගී වූ ලුර්දු වන්දනා චාරිකාවට එක්වන්නට ලැබීම භාග්‍යයක් කොට සළකමි. දෙව්මව්ගේ මැදහත් බව නිරතුරුවම ප්‍රාර්ථනා කරමි. (නි)
මහින්ද නානායක්කාර Monday, 22 February 2016 12:54 PM
ඔබ තුමන් ගැන චම්පා ගේ සම්මුඛ සාකච්ඡාව එතුමාට ගෞරවයක් ඔහුට දිගාසිරි ඔබට ස්තුති (බ)
නිරේෂ් Thursday, 10 December 2015 07:40 AM
ඔබ වහන්සේ ගැන අපිට ගොඩාක් සන්තෝස දැනෙනවා. ඔබ වහන්සේ වැනි පියතුමන්ලා නිසා කතෝලික සභාව දිරියෙන් ඉදිරියටම යනවා. ජේසු පිහිටයි ඔබ වහන්සේට.! (ර)