IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නේපාලේ දෙන්නෙක් යළි උපදිති

නේපාලයේ කත්මණ්ඩු අගනුවර වැනසු භූමි කම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක් පැය 80කට ආසන්න කාලයක් සිරවී සිටි රිෂි කනාල් (28) බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්විය.

නේපාල හා ප්‍රංශ ඒකාබද්ධ සහන කණ්ඩායමක් පැය පහක පමණ උත්සාහයකින් පසුව ඔහු බේරාගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

මළ සිරුරු තුනක් සමග සිරවී සිටි ඔහු කඩා වැටුණු තට්ටු පහක ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් තට්ටු දෙකක් යට පැය පනහකට ආසන්න කාලයක් සිර වී සිටි කාන්තාවක බේරා ගැනීමට ද මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව විදෙස් පුවත් කියයි.

සෙනසුරාදා උදෑසන භූමි කම්පාව හටගත් අවස්ථාවේ සිට ඔහුට ජලය හෝ ආහාර ගැනීමේ අවස්ථාවක් තිබී නැතැයි ද ඔහුගේ පාදයක බීදිමක් සිදුවී ඇතැයිද රිෂිට වෛද්‍ය ප්‍රතිකාර කරන අකිලේෂ් ෂේෂ්ත්‍රා පවසා ඇත.

ඔහු දිවි ගලවාගත්තේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ඔහු සතුව තිබූ අධිෂ්ඨානයත් වීර්යයත් නිසා යැයි වෛද්‍ය අකිලේෂ් ප්‍රකාශ කර ඇත.

භු කම්පාව හටගත් අවස්ථාවේ රිෂි තට්ටු හතක ගොඩනැගිල්ලක දෙවැනි මහලේ සිට ඇත. මේ අතර පැය 50 කාලයක් සිරවී සිටි සුනීතා සිතොවුලා සුන්බුන් අතර සිටියදී ඉන්දීය සහන සේවා කණ්ඩායම් විසින් බේරා ගැනීමට ඇය මේ වනවිට සිය ස්වාමියාත් පුතුන් දෙදෙනාත් සමඟ සහන කඳවුරක රැදී සිටියි.

නේපාල භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වන විට 5000 ඉක්මවා ඇතැයිද තුවාල ලැබූ සංඛ්‍යාව 11000 වී ඇතැයිද වාර්තා වේ.

 



අදහස් (0)

නේපාලේ දෙන්නෙක් යළි උපදිති

දුමින්ද Thursday, 30 April 2015 11:07 AM

සසර ගමනේ මරු සමග නොනිමි සටන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site