නේපාලයේ කත්මණ්ඩු අගනුවර වැනසු භූමි කම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක් පැය 80කට ආසන්න කාලයක් සිරවී සිටි රිෂි කනාල් (28) බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්විය.
නේපාල හා ප්‍රංශ ඒකාබද්ධ සහන කණ්ඩායමක් පැය පහක පමණ උත්සාහයකින් පසුව ඔහු බේරාගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
මළ සිරුරු තුනක් සමග සිරවී සිටි ඔහු කඩා වැටුණු තට්ටු පහක ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් තට්ටු දෙකක් යට පැය පනහකට ආසන්න කාලයක් සිර වී සිටි කාන්තාවක බේරා ගැනීමට ද මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව විදෙස් පුවත් කියයි.
සෙනසුරාදා උදෑසන භූමි කම්පාව හටගත් අවස්ථාවේ සිට ඔහුට ජලය හෝ ආහාර ගැනීමේ අවස්ථාවක් තිබී නැතැයි ද ඔහුගේ පාදයක බීදිමක් සිදුවී ඇතැයිද රිෂිට වෛද්‍ය ප්‍රතිකාර කරන අකිලේෂ් ෂේෂ්ත්‍රා පවසා ඇත.
ඔහු දිවි ගලවාගත්තේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ඔහු සතුව තිබූ අධිෂ්ඨානයත් වීර්යයත් නිසා යැයි වෛද්‍ය අකිලේෂ් ප්‍රකාශ කර ඇත.
භු කම්පාව හටගත් අවස්ථාවේ රිෂි තට්ටු හතක ගොඩනැගිල්ලක දෙවැනි මහලේ සිට ඇත. මේ අතර පැය 50 කාලයක් සිරවී සිටි සුනීතා සිතොවුලා සුන්බුන් අතර සිටියදී ඉන්දීය සහන සේවා කණ්ඩායම් විසින් බේරා ගැනීමට ඇය මේ වනවිට සිය ස්වාමියාත් පුතුන් දෙදෙනාත් සමඟ සහන කඳවුරක රැදී සිටියි.
නේපාල භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වන විට 5000 ඉක්මවා ඇතැයිද තුවාල ලැබූ සංඛ්‍යාව 11000 වී ඇතැයිද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර ගමනේ මරු සමග නොනිමි සටන (බ)