නේපාල ජනපතිනි බිද්‍යා දේවි බන්ධාරි ගමන් ගත් මෝටර් රථයට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය කියයි.

ඇය සුප්‍රසිද්ධ ජානකී දෙවොලේ සිදුකළ සංචාරයක් අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ඉන්දීය ස්වදේශික පිරිසක් විරෝධය දක්වමින් ජනපතිනියට එසේ ප්‍රහාර එල්ල කළද ඇයට කිසිදු හානියක් සිදුවී නැතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

ජනපති ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමින් 20 දෙනකු පමණ තුවාල ලබා ඇත. කලහකාරී ලෙස හැසිරුණු ජනයා පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.

නේපාලයේ නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමග බන්දාරි ජනපති ධූරයට පත්වූ අතර ඊට එරෙහිව ස්වදේශික මදේශි වැසියන් දිගින් දිගටම විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණි.

ඇය ජානකී පුදබිමට පැමිණෙන බව දැනගත් මදේශි වැසියෝ සිය ගණනක් කළු කොඩි ඔසවා ඇයට විරෝධය පළ කිරීමට එහි එක් රැස්ව සිටි බව විදෙස් ආරංචි කියයි.

web_20151217vandari-@-janakimandir.jpg--1000x0-1000x0