නේපාල ජනපතිනි බිද්‍යා දේවි බන්ධාරි ගමන් ගත් මෝටර් රථයට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය කියයි.
ඇය සුප්‍රසිද්ධ ජානකී දෙවොලේ සිදුකළ සංචාරයක් අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ඉන්දීය ස්වදේශික පිරිසක් විරෝධය දක්වමින් ජනපතිනියට එසේ ප්‍රහාර එල්ල කළද ඇයට කිසිදු හානියක් සිදුවී නැතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
ජනපති ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමින් 20 දෙනකු පමණ තුවාල ලබා ඇත. කලහකාරී ලෙස හැසිරුණු ජනයා පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.
නේපාලයේ නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමග බන්දාරි ජනපති ධූරයට පත්වූ අතර ඊට එරෙහිව ස්වදේශික මදේශි වැසියන් දිගින් දිගටම විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණි.
ඇය ජානකී පුදබිමට පැමිණෙන බව දැනගත් මදේශි වැසියෝ සිය ගණනක් කළු කොඩි ඔසවා ඇයට විරෝධය පළ කිරීමට එහි එක් රැස්ව සිටි බව විදෙස් ආරංචි කියයි.
2025 නොවැම්බර් මස 04
515
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාල ජනපතිනියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්