නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් විරෝධතා හමුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඉල්ලා අස්වීමත් සමඟ නේපාලයේ දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වන විට දූෂණයට එරෙහි සහ ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කරන විරෝධතා දක්වා ඔඩුදුවා ඇත.

මේ තත්ත්වය හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මාත් ප්‍රධාන අමාත්‍යවරුන් රැසක් ද මේ වනවිට ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වී ඇතැයි පැවැසෙයි.