IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නේපාල ගුවන්තොට යළි ඇරේ

පැය 24 කට වසා දැමුණු නේපාලයේ කත්මණ්ඩු අගනුවර ත්‍රිභුවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ (10) රාත්‍රියේ යළි විවෘත කෙරුණි. 

රටේ හටගත් නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපෙළ යළි විවෘත කළ බවත්, ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

ත්‍රිභුවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමට තීරණය කරනු ලැබුවේ ගුවන්තොටුපළ ආරක්ෂක කමිටුව විසිනි.
ගුවන්තොටුපොළ කටයුතු යළි ආරම්භ වීමත් සමඟ, ගුවන්තොටුපොළ බලධාරීන්, ගුවන් මගීන්ට උපදෙස් දී ඇත්තේ නිල ගුවන් ටිකට්පත්, හැඳුනුම්පත් ආදිය රැගෙන කල්වේලා ඇතිව ගුවන්තොටුපොළට පැමිණෙන ලෙසය.

නේපාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූයේ සමාජ මාධය තහනම මුල් කර ගනිමින් එරට තරුණ කොටස් රජයට එරෙහිව ආරම්භ කළ විරෝධතා හේතුවෙනි. මේ වනවිට එම විරෝධතා රජයේ දූෂණ විරෝධී විරෝධතා බවට පරිවර්තනය වී ඇත.

මේ වනවිට නේපාලය අරාජික තත්ත්වයකට ඇද වැටී ඇති බැවින්, හමුදාව මැදිහත් වී රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත. ඒ, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඇතැම් විරෝධතාකරුවන් මර්දනය කිරීමේ අරමුණින්ය. 

නේපාල මාධ්‍ය ඊයේ (10) රාත්‍රියේ වාර්තා කළේ මේවනවිට කත්මණ්ඩු අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දකින්න ලැබෙන බවය.
කලහකාරී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර පසුගිය දිනවල පැවැති ගැටුම්වලින් විරෝධතාකරුවෝ 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 300 කට වැඩි යැයි පැවැසෙයි.



අදහස් (0)

නේපාල ගුවන්තොට යළි ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site