IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නේපාල කඳු නගින්නන් පිරිසකගෙන් ලෝක වාර්තාවක්

 

නේපාල කඳු නගින්නන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට  ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ළඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
 
පකිස්ථාන චීන දේශ සීමාව හරහා දිවෙන කරකෝරම් කඳු වැටියේ පිහිටි මීටර් 8,611ක් උස K2 කන්ද බොහෝ සංචාරක කඳු නගින්නන්ගේ ජනප්‍රිය ස්ථානයකි.
 
එවරස්ට් කන්දට වඩා K2 මීටර් 200ක් උසින් අඩුවේ.
 
K2 ලොව පුරා පිහිටි මීටර් 8,000ට වඩා උසින් වැඩි කඳු 14න් එකකි.
 
කෙසේවුවද බාධක සහිත වීම හේතුවෙන් නැඟීමට දුෂ්කර කන්දක් ලෙස ප්‍රචලිතව ඇත.
 
2008 වසරේදී K2 තරණය කිරීමේ දී හිමකුණාටුවකට හසුව කඳු නගින්නන් 11 දෙනකු මිය ගියහ.
 
ජයග්‍රහණය සම්බන්දව කණ්ඩායමේ සාමාජිකයෙකු වන නිම්ස්ඩායි පූර්ජා මෙසේ පැවසීය, 
"මානව වර්ගයාගේ ඉතිහාසයේ කොටසක් වීම ගැන අපි ආඩම්බර වෙමු. සහයෝගීතාවය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ ධනාත්මක මානසික ආකල්ප අප දිරිමත් කළේය."
 
(බීබීසී ඇසුරිනි) 



අදහස් (0)

නේපාල කඳු නගින්නන් පිරිසකගෙන් ලෝක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site