
ලංකාවට පුළුවන් නම්, බංග්ලාදේශයට පුළුවන් නම්, අපට බැරි ඇයි කියමින් ආරම්භ වුණු විරෝධතා මෙහෙයවන්නේ නේපාල තරුණ පරම්පරාවය. GenZ එසේත් නැතිනම් ‘ජෙනරේෂන් සී (සෙඩ්)’ පරම්පරාවය. GenZ යනු 2000 දශකයේ මැද සිට, 2010 දශකයේ මුල් භාගය දක්වා කාලයේ උපත ලැබූවන්ය.
මොවුන් නව යොවුන් වියට පා තැබුවේ 2020 දී පමණය. GenZ යනු තාක්ෂණය සමඟ උපන් පරම්පරාවය. GenZ තරුණ තරුණියන් උපන්නේ අන්තර්ජාලය, ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍ය පෙරැළි කරන ලෝකයකටය. එබැවින් ඔවුන් තාක්ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර, එය ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයකි.
ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍යවල පෙරැළි කරන්නේ මෙම GenZ පරම්පරාවය. තොරතුරු හුවමාරුවට, මිතුරන් සමඟ සම්බන්ධ වීමට, විනෝදයට මොවුන් සමාජ මාධ්‍ය භාවිතයට ගනී. ඇතැමුන්ගේ ජීවනෝපාය වන්නේ ද සමාජ මාධ්‍යයයි. මුදල්, රැකියා සහ අනාගතය ගැන ඉතා කල්පනාකාරීව සහ ප්‍රායෝගිකව සිතන පිරිසක් ලෙස GenZ පරම්පරාව සැලකෙයි.
මොවුන්ගේ මාපියන් අයත් වන්නේ සහහ්‍රක (Millennials) එසේත් නැතිනම් GenY පරම්පරාවටය. සහහ්‍රක (Millennials) එසේත් නැතිනම් GenY යනු 1981 සිට 1996 දක්වා උපන් පරම්පරාවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd