
නේපාල තරුණ අරගලකරුවන් සහ එරට හමුදා නායකයන් අතරේ පැය 6 ක සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, අනතර්වාර රජයක් පිහිටුවීම සහ මැතිවරණයකට යෑම සම්බන්ධයෙනි.
නේපාල තරුණ අරගලකරුවන්, ඔවුන්ගේ නියෝජිතයා ලෙස තෝරාගෙන ඇත්තේ හිටපු අගවිනිසුරුවරියක වන ෂුෂිලා කාර්කී. මැය නේපාලයේ පළමු කාන්තා අගවිනිසුරුවරිය ද වන අතර, කාගේත් ගෞරවාදරයට පත් තැනැත්තියකි. ඇය දූෂණ වංචාවලට එරෙහිව දැඩි තීන්දු තීරණ ගත් අගවිනිසුරුවරියක ලෙස ද ප්‍රකටය.
ෂුෂිලා කාර්කී, මහේන්ද්‍ර මොරන්ග් මණ්ඩපයෙන් සිය ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ අතර, බරණැස් හින්දු විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගෙන ඇත. පසුව ඇය ත්‍රිභුවන විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබා ගෙන ගුරු වෘත්තියට පිවිසුණාය. ඉන් අනතුරුව, නීති ක්ෂේත්‍රයට යොමු වූ ඇය, ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක ලෙසත් පසුව අගවිනිසුරුවරිය ලෙසත් කටයුතු කළාය.
ඇය අගවිනිසුරු ලෙස පත් වූයේ 2016 ජූලි 11 වැනිදාය. ඇය ඉහළ පෙළේ දූෂණ විරෝධී නඩු ගණනාවක් විභාග කළ අතර, එවකට තොරතුරු සහ සන්නිවේදන අමාත්‍යවරයා වූ ජයප්‍රකාශ් ප්‍රසාද් ගුප්තා දූෂණ නඩුවකට වරදකරු වූයේ ද ෂුෂිලා කාර්කී, අගවිනිසුරුවරිය ලෙස කටයුතු කරද්දීය. නේපාලයේ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු ප්‍රධාන කොමසාරිස් වූ ලොක්මන් සිං කාර්කිට එරෙහිව ද ඇය නිර්භීත තීන්දුවක් ලබා දුන්නාය.
2017 දී, එවකට මාඕවාදීන් විසින් මෙහෙයවන ලද රජය විසින් ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට උත්සාහ කළ නමුත්, මහජනතාවගෙන් සහ අධිකරණ පද්ධතියෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් එම යෝජනාව ඉල්ලා අස් කර ගැනීම සිදුවිය.නේපාලයේ තරුණ අරගලයක් හිස එසවූයේ නේපාල රජය සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තහංචි පැනවීමත් නව නීති සකස් කිරීමත් නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd