IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නූපන් දරුවන්ට වින කරන ප්ලාස්ටික් ඇසුරුම්

රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා සුවඳවිලවුන් හි ඇති රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇසුරුම් දරුවන් අතර ඇදුම රෝගය වේගයෙන් පැතිර යාමට හේතුවන බව පර්යේෂකයෝ කියති.

විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ තම ළදරුවන් තම මව්කුසය තුල සිටින කාලයේ දී ප්ලාස්ටික් නම්‍යශීලි කිරීම සඳහා යොදාගන්නා සංඝටක වලට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන්ට  ඇදුම රෝගය වැළදීමේ අනතුර සියයට 78ක් දක්වා වන බවයි.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම රසායනික ද්‍රව්‍ය මගින් කළලයේ ස්වසන මාර්ගය සංවේදී වී මොවුන්ගේ ළමා වියේදී ඇදුම රෝගය වැළදීමේ තත්වයක් ඇති බවයි.

විද්‍යාඥයින් මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවධානම අඩුකර ගැනීම සඳහා ප්ලාස්ටික් බහාලුම්,සුවඳ විලවුන් සහ වඩාත් සුවඳ ගැල්වු සේදීමේ කුඩු භාවිතයෙන් වැලකී සිටින ලෙසයි.

නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ගර්භණී මව්වරු 300 කගේ  මුත්‍රා පරීක්ෂාකර බැලීමෙන් මේ දත්ත විශ්ලේෂණය කැර ඇත. ඔවුන් පවසන්නේ මේ ගැබිණි මව්වරුන්ගේ මුත්‍රාවල තිබූ ප්ලාස්ටික් මෘදු කිරීමට ගන්නා රසායනිකයන් ගේ මට්ටම මැන බැලු බවයි.

කොලම්බියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබින් වයිට් පවසන්නේ මේ සඳහා ගතහැකි සරළ පියවරක් ලෙස ප්ලාස්ටික් බහාලුම් භාවිතය අඩුකර ආහාර ශිතකරණයේ වීදුරු භාජන තුළ ගබඩා කිරීම සුදුසු බවයි. බ්‍රිතාන්‍යය තුල ඇදුම රොගයෙන් පෙලෙන්නන් ලක්ෂ 54ක් ක් සිටින අතර එයින් ලක්ෂ 11කි ළමයින් වේ. බ්‍රිතාන්‍යෙය් වසරකට ඇදුම රෝගයෙන් මියයන සංඛ්‍යාව 1250 කි.



අදහස් (0)

නූපන් දරුවන්ට වින කරන ප්ලාස්ටික් ඇසුරුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site