ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි සහ ඇගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට සම්බාධක පැනැනීමට චීනය සූදානම් වෙයි.
චීනය මෙම තීරණය ගෙන ඇත්තේ චීනයේ දැඩි විරෝධය මධ්‍යයේ නැන්සි පෙලෝසි පසුගිය දා තායිවානය බලා පැමිණීමය. නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියේ ආසියානු සංචාරයක නියැළෙමින් සිටියදීය.
ඇමෙරිකා රජයට අනුව, එය ඇගේ පෞද්ගලික සංචාරයකි. එසේ වුවත්, පෙලෝසි තායිවානයට ගියේ ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමක් ද සමඟය. ඇය තායිවාන ජනාධිපති හමුවූවා පමණක් නොව, තායිවාන පාර්ලිමේන්තුව ද ඇමැතුවාය.
පෙලෝසිගේ මෙම සංචාරයත් සමඟ චීනය තායිවානයට අනතුරක් වන ලෙස දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළ අතර, කායිවානයට සම්බාධක පැනැවීමක් ද කළේය. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් නොවන්නැයි ඇමෙරිකාවට චීනය තර්ජනයක් ද කළේය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නැන්සි පෙලෝසිට චීනයෙන් සම්බාධක්