
ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ආසියානු සංචාරය අතරතුර ඇය ගමන් ගන්නා ගුවන් යානය පූර්ව දැනුම් දීමකින් තොරව තායිවානයේ ගොඩ බෑමට ඉඩ ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.
නැන්සි පෙලෝසිගේ ආසියානු සංචාරයට සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල් ඇතුළත් වූවත් නිල වශයෙන් තායිවානය පිළිබඳ සටහනක් කර නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
නැන්සි පෙලෝසි ගමන් ගන්නා ගුවන් යානයේ දෝෂයක් ඇති වූ බව පවසමින් අවදානම් සහ අනතුරුදායක ලෙස තායිවානයේ ගොඩබෑමට උත්සහ දැරීමට ඉඩ ඇතැයි චීන පුවත්පතක් වාර්තා කළේය.
චීන කොම්යුනිස්ට් පක්ෂය තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගන්නා අතර නැන්සි පොලෝසි හට තායිවානයේ සංචාරය නොකරන ලෙස පසුගියදා අනතුරු ඇඟවූවේය.
නැන්සි පෙලෝසි අද (2) තායිවානයට පැමිණීමට ඉඩ ඇතැයි තායිවාන ඉහළ නිලධාරියෙක් උපුටා දක්වමින් තායිවාන මාධ්‍ය වාර්තා කළේය.මේ වන විට තායිවානය සුපිරි හෝටලයක් කාමරයක් නැන්සි පෙලෝසි වෙනුවෙන් වෙන් වී ඇතැයි තායිවාන මාධ්‍ය පෙන්වා දුන්නේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd