IMG-LOGO

නැන්සි පෙලෝසී තායිවානයට?

ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ආසියානු සංචාරය අතරතුර ඇය ගමන් ගන්නා ගුවන් යානය පූර්ව දැනුම් දීමකින්  තොරව තායිවානයේ ගොඩ බෑමට ඉඩ ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.

නැන්සි පෙලෝසිගේ ආසියානු සංචාරයට සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල් ඇතුළත් වූවත් නිල වශයෙන් තායිවානය පිළිබඳ සටහනක් කර නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

නැන්සි පෙලෝසි ගමන් ගන්නා ගුවන් යානයේ දෝෂයක් ඇති වූ බව පවසමින් අවදානම් සහ අනතුරුදායක ලෙස තායිවානයේ ගොඩබෑමට උත්සහ දැරීමට ඉඩ ඇතැයි චීන පුවත්පතක් වාර්තා කළේය.

චීන කොම්යුනිස්ට් පක්ෂය තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගන්නා අතර නැන්සි පොලෝසි හට තායිවානයේ සංචාරය නොකරන ලෙස පසුගියදා අනතුරු ඇඟවූවේය.

නැන්සි පෙලෝසි අද (2) තායිවානයට පැමිණීමට ඉඩ ඇතැයි තායිවාන ඉහළ නිලධාරියෙක් උපුටා දක්වමින් තායිවාන මාධ්‍ය වාර්තා කළේය.මේ වන විට තායිවානය සුපිරි හෝටලයක් කාමරයක් නැන්සි පෙලෝසි වෙනුවෙන් වෙන් වී ඇතැයි තායිවාන මාධ්‍ය පෙන්වා දුන්නේය.

(රොයිටර්)



අදහස් (0)

නැන්සි පෙලෝසී තායිවානයට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site