IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නින්ද නැත්නම් මොළය කුඩාවෙයි

මිනිසාගේ මොළයේ ස්කන්ධය හා නින්ද අතර සම්බන්ධයක් ඇතැයි පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් පවසන්නේ නින්ද සම්බන්ධ ප්‍රශ්න තිබූ අයගේ මොළයේ ස්කන්ධය සුව නින්දක් ලැබූ අයගේ මොළයේ ස්කන්ධයට වඩා අඩුවී ඇති බවයි.

පර්යේෂණය සඳහා වයස අවුරුදු 20 සිට 84 දක්ව වයස් කාණ්වලට අයත් පුද්ගලයන් 147ක් සහභාගී කරගෙන ඇත. ඒ අනුව මේ පුද්ගලයන්ගේ මොළයේ එම්.ආර්.අයි. ස්කෑනින් පරීක්ෂණ දෙකක් ලබාගෙන ඇත. එමගින් මොළයේ ධාරිතාව සම්බන්ධ පරීක්ෂා කැර තිබේ. පළමු ස්කෑන් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු ඔවුන්ට නින්ද පිළිබඳ පුරුදු හා චර්යා සම්බන්ධ ප්‍රශ්න මාලාවක් සම්පූර්ණ කිරීමට දී ඇත.

එම ප්‍රශ්න මාලාවෙන් සියයට 35ක් පෙන්වා දී ඇත්තේ සුව නින්දක් නොලැබීම සම්බන්ධ සෞඛ්‍ය පිළිබඳ මිනුම් දරණ්ඩයි. දෙවැනි ස්කෑන් පරීක්ෂණය කරන ලද්දේ ඉන් වසර තුනහමාරකට පමණ පසුව යැයි පර්යේෂකයෝ කියති.

මෙතෙක් ලොව සිදුකරන ලද මෙවැනි වූ පර්යේෂණ ගණනාවක් මගින් නින්දේ ඇති වැදගත්කම හා නින්ද හරිහැටි නොලැබීමෙන් මොළයට සිදුවන හානිය පිළිබඳ පෙන්වා දී තිබේ. නිසි පරිදි සුව නින්දක් නොලැබීමෙන් මොළය සම්බන්ධ ආබාධ වන ඇල්ෂයිමර් සහ ඩිමෙන්ෂියා වැනි රෝග වැළඳීමට දායක්තවය ලැබෙන බව ප්‍රසිද්ධය.

තව ද නින්ද නිසි පරිදි නොලැබීමෙන් මතකයට හානිවීම හා මොළයේ ප්‍රමාණයට බලපෑමක් වන බව මේ පර්යේෂණයෙන් තහවුරු වී ඇත.

වර්ජීනියා හි ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය  නිඅල් මාරු මහත්මිය පවසන්නේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම සියළු ප්‍රශ්නවලට හේතුවක් වන බවයි. ඇය පවසන්නේ සුව නින්දක් නොලැබීමෙන් අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට, හෘද සෞඛ්‍යයට, ශරීරයේ බරට සහ මතකයට බලපෑම් සිදුවන බවයි. එය සිදුවන්නේ කවර ආකාරයෙන් ද යන්න සොයා ගෙන නැතැයි ද ඇය කියයි.

අධ්‍යයනය පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් නොවන නින්ද හේතුවෙන් සෛලවලට හානි කරන ප්‍රෝටීනයක් සෑදෙන බවයි.

මේ අධ්‍යයනයේ ප්‍රධානී එක්සත් රාජදානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්ලැරි සෙක්ස්ටන් පවසන්නේ සුව නින්දක් නොලැබීමෙන් මොළයේ සැකිල්ලෙහි වෙනසක් වන්නේ ද යන්න පිළිබඳ තවමත් කිසිදු කරුණක් අනාවරණය වී නැති බවයි.

මිනිසාගේ නින්දේ තත්ත්වය දියුණු කිරීමෙන් මොළයේ හැකිලීම අඩුකරගැනීමටත් නින්ද පිළිබඳ චර්යාව දියුණු කිරීමෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමටත් ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම පර්යේෂකයන්ගේ ඉලක්කය වී ඇත.



අදහස් (0)

නින්ද නැත්නම් මොළය කුඩාවෙයි

සංජය Thursday, 11 September 2014 08:51 AM

දවසේ නිදාගැනීමට සුදුසුම කාලය මොකක්ද ? (නදී)

:       0       0

ඩිලාන් Friday, 12 September 2014 10:10 AM

ඒක නම් ඇත්ත. මගේ රැකියාවෙන් එක්ක මට නිදාගන්න ලැබෙන කාලය අඩු වෙලා තියෙන්නේ. දැන් අවුරුදු 3 - 4 ඉඳලා.මට මතකය අඩුවෙලා දැන් (නි)

:       0       0

බන්දුල එගොඩගේ Monday, 08 September 2014 03:32 PM

නින්ද මිනිසාට අත්‍යවශ්‍ය බෙහෙතක් වගෙයි. ප්‍රමාණවත් තරම් නිදා ගත්තේ නැති දවසක ඕනෑම කෙනෙකුට දැනෙනවා තමන්ගේ මනසේ තිබෙන ව්‍යාකූල බව සහ හිසට හා සිරුරට තිබෙන අපහසුව. කාලයක් තිස්සේ හරියට නින්දක් නැති වුනොත් ඒ හේතුවම ප්‍රමාණවත් වේවි ඇතැම්විට මානසික ව්‍යාධියකට ලක්වෙන්න හෝ පිස්සෙක් වෙන්නත්. (නදී)

:       0       0

සමීර Thursday, 11 September 2014 10:22 AM

වැඩිපුර නිදාගත්තොත් මොකද වෙන්නේ හා නිදාගන්න හොද වෙලාව කොහොමද (නදී)

:       0       0

දිනූ Wednesday, 10 September 2014 05:36 AM

නින්ද නැතී උනාම ඇස් පෙනීමත් අඩු වෙනවා. සීනි වැඩි වෙන්නත් පුළුවන්.(අ)

:       0       0

ප්‍රබත් බණ්ඩාර සමරකොන් Tuesday, 09 September 2014 03:16 PM

අනිවරයෙන් පැය 6 ක් වත් නින්ද ඕනේ (ස)

:       0       0

මොහාන් Tuesday, 09 September 2014 03:33 PM

මම අද ඉඳලා දවසකට පැය 20ක් නිදාගන්නවා (නි)

:       0       0

සිල්වා Tuesday, 09 September 2014 03:39 PM

ලිපියක් දාන්නකෝ ප්‍රමාණවත් නින්දක් ලබන්නේ කොහොමද, ඒ සඳහා කළයුතු පරීක්ෂණ ආදිය පිළිබඳවත් (නි)

:       0       0

සචින් Tuesday, 09 September 2014 04:24 PM

වැඩිපුර නිදාගත්තොත් මොනවා වේවිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site