සසෙක්ස්හි ආදපාදවරිය වන මේගන් මාකෙල් කැනඩාවේ දී සිය සුරතල් සුනඛයන් සමඟ ඇවිදින ඡායාරූප ගත් හා ඒවා පළ කළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව හැරී-මේගන් යුවල පවසති.
හැරී-මේගන් යුවල සහ ඔවුන්ගේ නීතිඥයෝ මේ සම්බන්ධයෙන් නෛතික අනතුරු ඇඟවීමක් ද කර ඇත.
වඩාත් පෞද්ගලික හා නිදහස් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් යුවල ඔවුන්ගේ රාජකීය භූමිකා අත්හළහ. එම තීරණයෙන් රජ මාලිගය ද කම්පනයට පත්විය.
ඒ අනුව සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු සහ ආදිපාදවරිය වන මේගන් මාකෙල් සහ ඔවුන්ගේ අට මස් වියැති පුතු කැනඩාවේ වැන්කුවර් දූපත්වලදී ඔවුන්ගේ අලුත් ජීවිතය ආරම්භ කළහ.
හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකෙල් ආචි පුතු සහ ඔවුන්ගේ සුරතල් සුනඛයන් සමඟ ඇවිද යන ඡායාරූප කිහිපයක් අඟහරුවාදා (21) ප්‍රසිද්ධියට පත්විය.
එම ඡායාරූපවලට එරෙහිව යුවල නීතිමිය පියවර ගන්නා බවත් ඔවුන්ගේ නීතිඥයන් දැනටමත් අදාළ මූලික පියවර ගෙන ඇති බවත් බී.බී.සී. ස්කයි පුවත් රූපවාහිනිය සහ ‘ද ගාඩියන්’ පුවත්පත ඊයේ (21) වාර්තා කළේය.
බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ සහ ‘ඬේලිමේල්’ යන පුවත්පත් එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර තිබිණි.ඡායාරූප ශිල්පීන් වනයේ සහ පඳුරු අතර සැඟවෙමින්, ඔත්තු බලමින් මෙම ඡායාරූප ගෙන ඇතැයි නීතිඥයන් උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.
35 හැවිරිදි මේගන් මාකෙල් ඇමෙරිකාවේ හිටපු නිළියකි.
මේගන් මාකෙල් මෙම ඡායාරූප ගැනීමට අවසර දී නැති බව කියන යුවලගේ නීතිඥයෝ ඡායාරූප ශිල්පීන් හිරිහැරයක් කර ඇති බවට ද චෝදනා කළහ. ඡායාරූප ශිල්පීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ද නීතීඥයන් පවසා ඇතැයි බී.බී.සී. පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd