ඉන්දියාවේ නිදහස් දිනය දා මනිපූර්හි බෝම්බ පිපිරීමක් සිදුව ඇතැයි ද එයින් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනකු හා ගැහැණු ළමයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

බෝම්බ පිපිරුම සිදුවූ ඉම්පාල් නගරයේ සියලු කඩ සාප්පු වසා ඇති බවත් සියලු වීදි පාලුවට ගොස් ඇති බවත් කියති.