IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නෙදර්ලන්තයේ ගොවියෝ විරෝධතාවයක

නයිට්රිජන් ඔක්සයිඩ් වායු විමෝචනය සීමා කිරීමේ ආණ්ඩුවේ සැලැසුම්වලට විරෝධතා දක්වමින් නෙදර්ලන්ත ගොවියෝ එරට අගනුවරට එක්රැස්ව විරෝධතාවල නිරතවෙති.

නෙදර්ලන්ත ගොවියෝ පසුගිය වසරේ සිට අවස්ථා කිහිපයකදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව විරෝධතාවල නිරත වූහ.

මෙම නව විරෝධතා ආරම්භ වූයේ පෙරේදාය. නෙදර්ලන්ත ගොවියෝ දහස් ගණනක් මේ හේග් නුවරට රැස්ව විරෝධතාවයේ නියැළෙති.

විරෝධතාකරුවන් ට්‍රැක්ටර් රථ රැගෙන නගරයට පැමිණි අතර හමුදාව විශාල  රථ හරස් කරමින් ඔවුන් නගරයේ කාර්යබහුල ස්ථානවලට යෑම වැළැක්වූහ. හේග් අගනුවර ව්‍යාපාරික ස්ථාන සහ සාප්පු සංකීර්ණ රැසක් පිහිටා තිබෙන අතර එරටට උපායමාර්ගික වශයෙන් වැදගත් මාර්ග ද අගනුවර හරහා දිවෙයි.

නයිට්‍රජන් ඔක්සයිඩ් පරිසරය දූෂණය කරන වායුවක් වන අතර එම වායුව පිටවීම අඩු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේදී ඉකුත් දා විවාදයක් ද පැවැත්විණි. මෙම විරෝධතා ආරම්භ වූයේ එම විවාදයෙන් දිනකට පසුවය.

රජයේ අරමුදලින් ක්‍රියාත්මක නෙදර්ලන්තයේ මහජන සෞඛ්‍ය සහ පරිසරය පිළිබඳ ජාතික ආයතනයේ වාර්තා මත පදනම් වී නයිට්‍රජන් වායු විමෝචනය සීමා කිරීමට නෙදර්ලන්ත ආණ්ඩුව එලෙස තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් ගැනීමට නියමිත නව ක්‍රියාමාර්ග හා පියවර අද (20) නිවේදනය කිරීමට නියමිතව තිබිණි.

වේගයෙන් වගා කටයුතුවල නිරත වීමත් විශේෂයෙන්ම සත්ව ගොවිපොළ කටයුතු නිසාත් වැඩි වශයෙන් නයිට්‍රජන් වායුව පිටවන බවත් එම නිසා පරිසර දූෂණය වැඩි බවත් එම ආයතනය සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වුවමනාවෙන්ම සහ අසාධාරණ ලෙස තමන් ඉලක්ක කරගෙන ඇතැයි ගොවීහු චෝදනා කළහ. ගුවන් සේවා, ඉදි කිරීම් සහ අනෙකුත් ප්‍රධාන කර්මාන්ත ද නයිට්‍රජන් වායුව පිට කරන බවත් ඔවුන් පරිසර දූෂණයට තමන්ට වඩා වැඩි දායකත්වයක් දක්වන බවත් ගොවීහු චෝදනා කළහ.

දේශපාලනඥයන් ගොවීන්ට කන් දිය යුතු බව ද ගොවීහු සඳහන් කළහ. නෙදර්ලන්තයේ කෘෂිකාර්මික අංශය ලාභ උපදවන අංශයක් වන අතර වායු විමෝචනය අඩු කිරීමට සැලැසුම් කරන දේශපාලනඥයන් කෘෂිකාර්මික අංශයේ රැකියා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි ද ගොවීහු කීහ.

‘‘අපේ ආණ්ඩුව ගම්බද පිටිසර තැන්වලින් ගොවීන් අතුගා දමනවා. ඔවුන්ගේ ගෙවල්වල පැළ වවනවා. ඒ අතරේ ධාන්‍ය ගබඩා විනාශ කරමින් කෘෂිකර්මයේ මතක සටහන් මකා දමනවා’’ යැයි මෙම විරෝධතා සංවිධානය කළ ගොවීන්ගේ ආරක්ෂක බලකයේ සියෙටා වැන් කයිම්පෙමා පැවැසුවාය.

‘‘අපි වසර ගණනක ඉඳන් ගොවිතැන් කරන්නේ. ආණ්ඩුවට නයිට්රවජන් වායුව පිටවීම සීමා කරන්න ඕනෑ නම් වෙනත් පලදායී ක්‍රම යොදාගන්න අපට අවස්ථාවක් දෙන්න ඕනෑ’’ යැයි විරෝධතාවලට සහභාගී වීම සඳහා උතුරු නෙදර්ලන්තයේ ෆ්රීයස්ලන්ඩ් හි සිට පැමිණි ගොවියකු වන වයිපි රෙයින්ස්මා පැවැසීය.

‘‘ඇයි මේ හැමදේම ගොවීන් ඉලක්ක කරගෙන කරන්නේ’’ යැයි ඔහු විමසීය.

නෙදර්ලන්ත පොලිසිය එරට ප්‍රධාන මාර්ගවල ට්‍රැක්ටර් රථ පැදවීම සඳහා ගොවීන් කිහිපදෙනකුට අවසර ලබා දී ඇත. එය නොසලකා හරිමින් හේග් නුවර ට්‍රැක්ටර් රථයක් පැදවූ 33 හැවිරිදි ගොවියකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. හෙතෙම විරෝධතාවට සහභාගී වූ අයකු යැයි වාර්තා විය. හෙතෙම මහා මාර්ගයේ අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කළේ යැයි පොලිසිය සඳහන් කර තිබිණි.

ගොවීන් සිය ගණනක් නෙදර්ලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇතුළුවීමට උත්සාහ කළ අතර එහිදි තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීද මේ ආකාරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි. ගොවීහු ඊට ද ට්‍රැක්ටර් රථවලින් හේග් අගනුවරට පැමිණියහ. ඒ නිසා හේග් නුවර මෙන්ම රටේ බොහෝ තැන්වල මාර්ග තදබද ඇතිවිය.

කෙසේ නමුත් මෙවර විරෝධතාවයට ඔක්තෝබර් මාසයේදී මෙන් ට්‍රැක්ටර් රථ පැමිණ නැති බවත් මාර්ගවල එතරම් අර්බුදයක් හටනොගත් නෙදර්ලන්ත බලධාරීහු කීහ.

නෙදර්ලන්ත ආණ්ඩුව එරට ගොවිපොළ නවීකරණයට කිරීමට ද සූදානම් වේ. ඒ සඳහා යූරෝ මිලියන ගණනක අරමුදලක් ද පිහිටුවා ඇති අතර තම සාම්ප්‍රදායික ගොවිපොළ වසා දමා නවීකරණය කරන ලද ගොවිපොළවලට යොමු වන්නැයිද ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ආණ්ඩුව එහිදි ස්වේඡාවෙන් සිය සාම්ප්‍රදායික ගොවිපොළ වසා දමන ගොවීන්ගෙන් එම ගොවිපොළ මිලදී ගනී.

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ සහ සැලැසුම් සකස් කරන්නේ වැරැදි ගණනය කිරීම් සහ වැරැදි කියවීම් මත යැයි කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්රිනයාමාර්ග විවේචනය කරමින් ගොවීහු චෝදනා කළහ.

ඒ.එෆ්.පී/රොයිටර්

055

 



අදහස් (2)

නෙදර්ලන්තයේ ගොවියෝ විරෝධතාවයක

lalithm Friday, 21 February 2020 02:44 AM

ගොවිතැන සම්බන්ධයෙන් මේ වගේ මතයක් අපේ රටේ ව්‍යවස්ථා සම්පාදකයින්ට නම් හීනයක් විතරක් නොවේද? අඩු තරමින් අනවශ්‍ය තරම් ඉඩම් යොදා නොගෙන සම්ප්‍රදායික වී වගාව වෙනුවට වෙනත් භෝග වවන්න ගිය ආණ්ඩුව කලේ උත්සහ කල වෙලාවේ මහා සංඝරත්නයත් දේශපලුවොත් විරුද්ධ වුනා. අපි තවමත් ගොවිතැන කියන්න වී වගාවට විතරක් වගේ මතයක් තාම අපේ රටේ තියෙනවා. අපි ඉන්නේ පරිභෝජන කෘෂිකර්මයේ මිසක් ලාබ ලැබිය හැකි කෘෂි ක්ෂේත්‍රයේ නොවෙයි. රටේ මිනිසුන් ගේ ජීවන මට්ටම ඉහල යනවිට මස් මාළු වගේම එළවලු පලතුරු නිවැරදි අන්දමින් පරිභෝජනයට එකතු වුනොත් ගොවියාට ආදායම වගේම මහජනයාට ලෙඩ දුක් අඩු හොඳ පෝෂනයකුත් ලබත හැකි. මේ දේවල් මහජනයා වෙත බලෙන් හෝ කාවැද්දීමට රජයට සිදුවෙනවා. අනික ප්‍රවාහනයේදී සිදුවෙන නාස්තිය . 30% වැඩියි. මෙය වලක්වගත්තොත් 30% පොහොර, ඉඩම් කෘෂි කම්කරු ශ්‍රමය වෙනත් දේවලට යොමු කල හැකියි.

:       0       17

amila Friday, 21 February 2020 07:01 AM

එහෙ ගොවියෝ අමුඩේ අඳින්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site