
මධ්‍යම නෙදර්ලන්තයේ එඩ්ඊ නගරයේ රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා, එම සමාජ ශාලාවේ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත්තේය.
පොලිසිය වහා ක්‍රියාත්මක වී, එම සමාජ ශාලාව වට කරමින්, එම පුද්ගලයා සමඟ සාකච්ඡා පැවැත්වීය. එහිදී ප්‍රාණ ඇපයේ සිටි තිදෙනකු බේරා ගැනීමට ද හැකි විය.
එම පුද්ගලයා පසුව පොලිසියට බාර විය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව පොලිසිය පසුව පැවැසීය. ඒ අනුව, සියලුම ප්‍රාණ ඇපකරුවන් කිසිදු අනතුරකින් තොරව මුදා ගැනීමට ද පොලිසිය සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd