ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ පණිවුඩයක්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හරහා ඉරානයට ලැබුණු බව ඉරානය පවසයි. ඒ, ඊශ්‍රායලය, ඉරානය සමග නව ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ නොකරන බව පවසමිනි.

යළි ඉරානය සමග යුද්ධයකට යෑමට අදහසක් නොමැති බව ඊශ්‍රායලය මෙසේ දැනුම් දුන්නත්, ඊශ්‍රායලය ගැන විශ්වාසය තැබීම අසීරු යැයි ද ඉරානය වැඩි දුරටත් පවසා ඇත.

ඊශ්‍රායලය ඉරානය සම්බන්ධයෙන් චෝදනා නගන්නේ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හරහා න්‍යෂ්ටික අවි නිපදවන බවටත් එය ලෝක සාමයට බාධාවක් බවටත්ය.