මෙතෙක් නොදැන සිටි ඊජිප්තු රජ බිසවකගේ සොහොන් කොතක් කැණීමකින් සොයාගත් බව ඊජිප්තු පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පවසයි.
ඊජිප්තුවේ කයිරෝ අග නගරයට වයඹ දිගින් පිහිටි නගරයක්වන අබුසර් වල දීය. මෙම සොහොන් කොත වසර 4500ක් පමණ පැරණි බවත් ඊජිප්තුවේ රජකළ පාරාවෝ නෙෆිරිෆ්රි ගේ බිසවගේ හෝ මවගේ වියහැකියැයි විශ්වාසයක් පවතී.
මේ සොහොන් කොතේ බිත්තියක සඳහන්ව ඇති නම කෙන්තකාවෙස් බව ද පුරාවිද්‍යාඥයෝ කියති. ඊජිප්තුවේ පුරාණ ස්මාරක සම්බන්ධ අමාත්‍ය මැම්ඩෝ ඉල් ඩැමටි පවසන්නේ මෙම සොහොන සාදා ඇත්තේ තුන්වැනි කෙන්තකාවේස් නමැති බිසවගේ විය යුතු බවයි.
මෙම සොහොන් කොත සොයාගනු ලැබුවේ පාරාවෝ නෙෆෙරිෆ්‍රරස් නමින් හඳුන්වන සුසාන භූමි සංකීර්ණයෙනි. සොහොන් කොතේ තිබී බඳුන් 30 ක් පමණද හමුවී තිබේ. ඒවා සාදා ඇත්තේ හුණු බදාමයෙන් සහ තඹවලන් බව ද පර්යේෂකයෝ කියති.
මෙම සොහොන් කොත සොයාගත් චෙකොස්ලෝවැකියානු විද්‍යායතනයේ ඊජිප්තු නෂ්ඨාවශේෂ අධ්‍යනයේ ප්‍රධානි මිරොස්ලෙව් බාර්ටා පවසන්නේ මෙකී සොහොන් කොත සොයාගත් ස්ථානයට අනුවඑය ස්ථිර වශයෙන් ම පාරාවෝ රජ බිසවකගේ විය යුතු බවයි.
ඔවුන්ගේ මතය වී ඇත්තේ මේ සොහොන ගැන පර්යේෂණ කිරීමෙන් හතර වන රාජ පරම්පරාවේ නොදත් යම් යම් දේ ගැන සොයා දැන ගැනිමට හැකිවනු ඇති බවයි. හැකි වට පිටාවක් නිර්මාණය මගින් පස්වන රාජ පරම්පරාව වන පිරමීඩ සාදන ලද පරම්පරාව ගැනද විස්තර ලබා ගැනිමට හැකි යාව ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි (දිල්)
අර "කුප්‍රකට " පාරාවෝ සාපය " මිත්‍යාවේ ගැලිල ඉන්න අය මේ විද්‍යාඥයින් තවමත් ජීවතුන් අතර සිටීම ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ ! (නදී)
අර "කුප්‍රකට" පාරාවෝ සාපය " මිත්‍යාවේ ගැලිල ඉන්න අය මේ විද්‍යාඥයින් තවමත් ජීවතුන් අතර සිටීම ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ ! (නදී)