
මීට වසර පහකට පෙර, 2019 අප්‍රේල් 15 වැනිදා, ගිනිගෙන විනාශ වුණු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි නොත්‍රදාම් දේවස්ථානය යළි ඉදි කිරීමේ කටයුතු මේ වනවිට නිමා වෙමින් පවතින බව ප්‍රංශය පවසයි.
ගින්නෙන් විනාශ වුණු නොත්‍රදාම් දේවස්ථානය ද අයිෆල් කුලුන සේම ප්‍රංශයේ අනන්‍යතාවකි. ගින්නෙන් විනාශ වීමෙන් පසු දේවස්ථානය පෙර තිබූ අයුරින්ම ඉදි කරන බවට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව, ඉදි කිරීම් කටයුතු කඩිනමින් ආරම්භ විය.
මෙම 2024 වසරේ ඔලිම්පික් උළෙල පැවැත් වීමට නියමිතව ඇත්තේ ද ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඔලිම්පික් උළෙල කෙරෙහි කාගේත් අවධානය යොමු ඇති මොහොතක, විදෙස් මාධ්‍ය පවසන්නේ, නොත්‍රදාම් දේවස්ථානය ද කඩිනමින් මහ ජනතාවට විවෘත වනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd