රුසියාවේ මාධ්‍ය සහ සන්නිවේදන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කරන සන්නිවේදන,තොරතුරු තාක්ෂණ සහ ජනමාධ්‍ය අධීක්ෂණය පිළිබඳ ෆෙඩරල් ආයතනය ෆේස්බුක් සහ ගූගල් අවහිර කිරීම පිළිබඳ විකල්ප සලකා බැලීමට කටයුතු නොකරන පවසා ඇත.

එම ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ෂරොව් මහතා ඊයේ මෙම ප්‍රකාශ කර ඇත.

ෆේස්බුක් අවහිර කිරීම සම්බන්ධ ගැටලුව තම සැලසුමේ නොමැති බවත් සැලසුමේ අන්තර්ගතයන්ට අනුව රුසියාවේ නීතීරීති වලට මුළුමනින්ම අනුකූලව ෆේස්බුක් පවත්වාගෙන යාමට කටයුතු කළයුතු බවත් ඔහු පැවසුවේය.

රුසියාවේ නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් මීට පෙර අවස්ථාවක අමෙරිකානු ඩොලර් 7521 ක දඩයක් ගෙවීමට ගූගල් සමාගමට සිදුවිය.

රුසියානු නීතිය අනුව සෙවුම් ප්‍රතිඵල තුළින් නීතිවිරෝධී තොරතුරු සහිත මූලාශ්‍ර ඉවත් කිරීමට සෙවුම් යන්ත්‍ර මෙහෙයුම්කරුවෝ කටයුතු කරති.

(63226 )