දෙවැනි ලෝක යුද සමයේ භාවිත කළ ටොන් 1.8ක් බරැති බෝම්බයක් ජර්මනියේ දකුණු දිග ඔග්ස්බර්ග් නගරයේ දී හමුවීමෙන් පසු එය නිෂ්ක්‍රීය කිරීමට නත්තල් දිනය දා එම නගරයේ 50000ක් පමණ ජනයා ඉවත් කැරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම බෝම්බය පසුගිය සතියේ දී සොයා ගැනුණේ පොළොව යට පිහිටි වාහන අංගනයක ඉදිකිරීම් කටයුතු සිදුකැරෙමින් පවතිද්දීය. ආරක්ෂිත කලාපයක් ලෙස සැතපුමකට වැඩි ප්‍රමාණයක කොටසක් නම් කැරුණු අතර නිවැසියන් 54000ක් සහ නිවාසවල භාණ්ඩ 32000ක් පමණ ඉවත් කැරිණි.

නත්තල් දා පෙරවරු 10ට පමණ ඔවුන් ඉවත් කැරුණු බවත් රැඳවුම් මධ්‍යස්ථාන ලෙස පාසල් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ යොදාගත් බවත් කියති.

රාත්‍රී 7 පමණ වනවිට බෝම්බය සම්පූර්ණයෙන් නිෂ්ක්‍රීය කැරුණු බවත් ආරක්ෂිත කලාපය ඉවත් කැරුණු බවත් එම නගරයේ නිල ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශ කැරිණි. මේ හේතුවෙන් තමන්ට නත්තල් දිනය දා සතුටින් හා විනෝදයෙන් කල්ගත කිරීමට තිබූ අවස්ථාව මගහැරී ගිය බවට එහි ජනයා චෝදනා නගති.

web-bomb-defusal-exlarge-169 webchristmas-bomb-defusal-exlarge-169