මුදල් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයකින් මහ පාරට වැටුණු මුදල් පිරි පෙට්ටියක් නිසා හොංකොං වැසියන් පිරිසකට නත්තල කලින්ම උදා විය.
මුදල් පෙට්ටිය වැටුණු බව නොදැන රථය ඉදිරියටම ධාවනය වුණු අතර විසිරී ගිය මුදල් නෝට්ටු එකතු කර ගැනීමට අවට සිටියෝ කටයුතු කළහ.
සිදුව ඇති දෙය තේරුම් ගෙන මුදල් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් මුදල් පෙට්ටිය සොයා පැමිණෙන විට ප‍්‍රමාද වැඩිය. පාරට වැටී තිබුණු මුදල් කොළ කිහිපයක් හැරෙන්නට ඉතිරි සියල්ල සුද්ධ වී තිබුණි.
තවත් මුදල් සොයා දඟලමින් සිටි කිහිපදෙනා බියගන්වා ඉවත් කළ ඔවුහු වැටී ඉතිරිව තිබූ මුදල් රැස්කර ගත්හ.
පවුම් එක් ලක්ෂ විසිපන්දහසක පමණ මුදලක් අස්ථානගතවී තිබෙන බව සඳහන්ය.
‘තෑගි‘ ලෙස ගත් මුදල් නොට්ටුවල අංක තමන් සතුව ඇති බවත් එම නිසා එම මුදල් පරිහරණය කර අනතුරේ නොවැටී ඒවා වහා භාරදෙන ලෙසත් පොලිසිය නිවේදනයක් නිකුත් කර ඇත. නමුත් මේ දක්වාම කිසිවෙකුත් ඊට ප‍්‍රතිචාර දක්වා නොමැත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තලට පෙර සල්ලි වැස්සක්
සාරංග Tuesday, 30 December 2014 08:58 AM
මරු අපිටත් ටිකක් දෙන්ඩ බැරිද ?(දිල්)
අජිත් කරුණාරත්න Monday, 29 December 2014 12:43 AM
අපේ පැත්තේ පහුගිය දවස්වල තෑගි වැස්සකුත් තිබුනා. ඉඳිආප්ප මෙවලම්, ගෑස් කුකර්,බයිසිකල්, ගෑස් ටැංකි,පාසල් බැග්,ජංගම දුරකතන වගේ දේවල්. (නි)
සරත් පියසේන Saturday, 27 December 2014 08:31 AM
නත්තල් සියා ද දන්නේ කොහොමද ? (නදී)