
ජර්මනියේ මැග්ඩබෑග් නගරයේ නත්තල් වෙළෙඳපොළක සෙනඟ අතරට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හැට අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඔවුන්ගෙන් 15 දෙනකුගේ තත්ත්වය බරපතළ බව මැග්ඩබෑග් නගර බලධාරීහු පවසති.
සිද්ධිය සම්බන්ධ සැකකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 50 හැවිරිදි සෞදි අරාබි ජාතික වෛද්‍යවරයෙකි. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ජර්මන් ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd