
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය සමඟ ගැටුම් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් රුසියාවට නැතැයි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කරයි.
රුසියන් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, යුරෝපා රටවල් රුසියාවට එරෙහිව ‘මිලටරිකරණයට’ ලක් වෙනවා යැයි චෝදනා නගමිනි. ට්‍රම්ප් මෙසේ චෝදනා නැගුවේ රුසියාවේ සෝචි නුවර දී රුසියන් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධ විශේෂ සමුළුව අමතමිනි.
“රුසියාව කිසිම අවස්ථාවක නේටෝ සංවිධානයට එක්ක හැප්පෙන්නේ නැහැ. නේටෝ සංවිධානය සමඟ යුද්ධයකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් නේටෝ සංවිධානයට අයත් යුරෝපා රටවල් රුසියාවට එරෙහිව මිලටරිකරණයකට ලක් වෙනවා. ඊට එරෙහිව පැහැදිලි ප්‍රතිචාරයක් දක්වන්න රුසියාව පසුබට වෙන්නේ නැහැ” යැයි ජනාධිපති පුටින් පෙන්වා දී ඇත.
නේටෝ සංවිධානය ඇමෙරිකාව, කැනඩාව සහ බටහිර යුරෝපා රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවා ගත් යුද සන්ධානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd