
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 2022 සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී අද (28) ආරම්භ වීමට නියමිතය.
නේටෝ සංවිධානය ලොව විශාලතම ආරක්ෂාව සඳහා පිහිටුවා ගත් සන්ධානය වේ.
නේටෝ සමුළුව එළඹෙන 30 වැනිදා දක්වා පැවැත්වේ.
පසුගිය වසරේදී පැවති නේටෝ සමුළුවේදී මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටෙන්බර්ග් පවසා සිටියේ රුසියාව නේටෝ සංවිධානය සමඟ ඇති සම්බන්ධය ඉතා පහල මට්ටමකට වැටී ඇති බවයි.
එම තත්ත්වය තවත් පහලට දමමින් පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළේය.
නේටෝ සංවිධානය යුද මෙහෙයුම් සඳහා සුදානමින් සිටින සෙබළුන් සංඛ්‍යාව ලක්ෂ 3 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටෙන්බර්ග් ප්‍රකාශ කළේය.
එසේම මෙවර සමුළුවේදී ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම් පත්‍රය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය.
තුර්කිය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ කුර්දිස්තාන කම්කරු පක්ෂයේ සාමාජිකයන්ට රැකවරණය සැපයීම හේතුවෙන් ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට තුර්කිය විරුද්ධ වී ඇත.
මෙවර සමුළුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අනෙක් වැදගත් කාරණාව නම් සාමාජික රටවල යුද වියදම් වේ.
රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් නේටෝ සාමාජිකයන් යුද වියදම් සඳහා වෙන් කර ඇති සියයට 2 ක ප්‍රමාණයට බොහෝ සාමාජික රටවල් ළඟා වී ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
519
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේටෝ මහ සමුළුව ඇරැඹේ