ඉන්දීය රාජ්‍ය බලධාරීන් නැගෙනහිර බිහාරයේ මත්පැන් විකිණීම හා පරිභෝජනය සම්පූර්ණයෙන් තහනම් කර නිවේදනයක් නිකුත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
"දැන් බිහාර් සමාජ වෙනසක් ඇති කිරීමට කාලයයි" යනුවෙන් සඳහන් කරමින් එම තහනම ඉදිරි මාස හය පුරා බල පැවැත්වෙන බව ප්‍රධාන අමාත්‍ය නිතිස් නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ය.
මෙම තහනම පහුගිය මැතිවරණයේදී ඔහු ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නැගිමක් බව දේශපාලන විචාරකයෝ කියති. මෙම නිතිය සම්පාදනය කිරීම සදහා පක්ෂ සහ නීති සම්පාදකයන් ගණනාවකගේ සහාය ඔහු ලබාගෙන තිබේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ දරිද්‍රතාවය සදහා මත්පැන් බලපාන බව කියිමන් අලුත් නීතියට කාන්තාවන්ගේ සහායද ලැබී ඇත.
මෙම තහනම නිසා බිහාර් රජයට ඉන්දියා රුපියල් කෝටි 5000ක පමණ බදු අහිමි වනු ඇති බවට සදහන්ය.එමෙන්ම දකුණු කේරලයේ සහ ඉන්දියාවේ තවත් ප්‍රන්ත කිහිපයකම අර්ධ වශයෙන් මත්පැන් තහනම පනවා ඇති අතර බටහිර ගුජරාටියේ මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම අතින්ම ඉන්දියාව ලොව ජයගෙන අවසන් නැවත බුදුකෙනෙක් උපදින්නේත් මේ පින්බර ඉන්දියාවේමය (බ)