
මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී වසර 37 ක් බන්ධනාගාරගතව සිටි ඇමෙරිකානුවකුට නිදහස හිමිවිය.
මෙසේ නිදහස් වී ඇත්තේ ඇමෙරිකාවේ ෆිලිඩෙල්ෆියා නගරයේ පදිංචි විලී ස්ටෝක්ස් නමැත්තාය. විලී ස්ටෝක්ස් වරදකරු කළ ප්‍රධාන සාක්ෂිකරු බොරු කී බව අනාවරණය වීමෙන් පසු විලී ස්ටෝක්ස් සියලු චෝදනාවලින් නිදහස ලැබුවේය.
1984 වසරේ සිට වසර 37 ක් තමන් අයුක්ති සහගත ලෙස මිනීමැරුම් චෝදනාවකට වරදකරු කිරීමට එරෙහිව, නිදහස් වීමෙන් අනතූරුව විලී ස්ටෝක්ස් නඩු පැවැරීමට ද කටයුතු කර තිබේ.
ප්‍රධාන සාක්ෂිකරු වූ තැනැත්තා දැන් පවසා ඇත්තේ පොලිසිය තමන්ට අල්ලස් ලබා දුන් බැවින් බොරු කී බවය.
(විමුක්ති රොද්‍රිගෝ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd