කැරකස්හිදීය (ඒ.එෆ්.පී)
 
රටවල් දෙක අතර සාකච්ඡාවක් පවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරමින් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ට්ව්ටිර් පණිවිඩයක් යොමු කර තිබේ.
 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රියතම මාධ්‍යයක් වන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට පිවිස ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමද ඈඳා ගනිමින් තම ගිණුමේ පණිවිඩයක් තබමින් වෙනිසියුලා ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේය. 
 
“අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා පොරොන්දු වුණා. දැන් එම පොරොන්දුව ඉටු කරන්න කාලය ඇවිත්” යනුවෙන් වෙනිසියුලා ජානධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ව ඇත. 
 
වෙනිසියුලා ජනාධිපතිවරයා වොෂින්ටන්යේදී හෝකැරකස්හිදි හෝ දෙරට අතර සාකච්ඡාවක් පවත්වන්නැයි ද තවදුරටත් ඉල්ලා තිබේ. 
 
අසල්වැසි කොලොම්බියාවේ සිට වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට ඇමෙරිකාව සැලසුම් කළ බවට මදුරෝ ජනාධිපතිවරයා, වෙනිසියුලා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිස් චෝදනා කළහ. කෙසේ නමුත් කොලොම්බියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 
 
වෙනිසියුලාවේ තෙල් අපනයනවලට සම්බාධක පැනවිය යුතු යැයි ලතින් ඇමෙරිකානු කලාපයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පැවසීය. 
 
කොලොම්බියාවේද සංචාරය කළ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එහිදි එරට ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් ද මුණ ගැසුණි. 
 
වෙනිසියුලාවේ ආදායම් මාර්ගවලින් සියයට 96කට හිමිකම් කියන්නේ තෙල් අපනයනයි.  
 
 
055