ජීවිතයේ සැඳෑ සමය ගෙවන බළලුන්ට වෙන්වූ අපූරු බළල් වැඩිහිටි නිවාසයක් ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයේ ලින්කන්ෂයර් ප‍්‍රාන්තයෙනි.
වසර ගණනක් මිනිසුන් හා ජීවත් වන සුරතල් සතුන් බොහෝ විට ඔවුන්ගේ හිමිකරුවන්ට පෙර මියයයි.රෝගාබාධ හා අනතුරු පසකට කළ විට මෙසේ සුරතල් සතුන් මියයන්නේ වයස්ගතව ජීවිතය අවසානය තෙක්ම ගතකරය.මෙය එම සතුන්ගේ හිමිකරුවන්ට මහත් මානසික පීඩාවක් ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ලින්කන්ෂයර් බළල් වැඩිහිටි නිවාසයේ නිර්මාතෘවරුන් සැළකිල්ලට ගෙන තිබෙන්නේ මෙයයි.ඔවුන්ගේ සංකල්පයට පින්සිදු වන්නට දැන් බළල් සුරතලූන්ගේ හිමිකරුවන්ට තම සුරතලා වයස්ගත වන ලකුණු පෙනුනහොත් මේ වැඩිහිටි නිවසට ගෙනවිත් භාරදිය හැකිය.එසේ භාරදෙන බළල් සුරතලාගේ සැදෑ සමය සැපවත්ව හා සුවදායකව ගත කිරීමට අවශ්‍ය පරිසරය මෙහි ඇත.
අඩුම තරමේ තම සුරතලා මියයෑමට ප‍්‍රථමයෙන් සුවදායක කාලයක් ගතකළා යැයි සැනසීමක්වත් හිමිකරුවන්ට මෙයින් ලැබෙන බව ඔවුන් කියයි.
බළලූන් සදහාම වෙන්වුනු විශේෂ අරමුදලක් යටතේ කි‍්‍රයාත්මක වන මෙම බළල් වැඩිහිටි නිවාසයේ බළල් සාමාජිකයෝ 400 ක් පමණ සිටිති. මෙය අක්කර 7 ක් පුරා පැතිරෙන බිමක පිහිටා තිබෙන බැවින් ඉඩකඩ ගැන ගැටලූවක් කොහෙත්ම නැත. මේ නිවාසය පිහිටියේ ලන්ඩනයේ මැන්චෙස්ටර් නගරයේය.
ඔවුන් සඳහා වෙනම උණුසුම් කළ කාමර, ඇඳන් ආදී පහසුකම්ද තිබේ. නිවස සාදා ඇත්තේ නැගෙනහිරට මුහුණලා වන අතර එනිසා හොඳ හැටි හිරුරැස් ස්නානය කිරීමටද බළලූන්ට හැකිය.
වැඩිහිටි නිවාසයට බළලෙකු ඇතුළත් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා එක් වරක් අයකෙරෙන පවුම් 850 ක (රුපියල් 175000 ) මුදලක් ලබා දිය යුතුය.
ගණන සැර වුවත් බළල් නිවාසයේ පහසුකම් ලබාගැනීමට පැමිණෙන සාමාජිකයින්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් නම් දක්නට නොමැති බව සදහන්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි වැඩක් (නදී)
නියම වැඩක් (නදී)
රජ සැපක් (නදී)