ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බැරක් ඔබාමාගේ නිල නිවස වන ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වයි - ෆයි ලබානොදීම පිළිබඳව ඔබාමා කනස්සල්ල පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

ඇමරිකාවේ සීබීඑස් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔබාමා පවසා ඇත්තේ ලොව ප්‍රධානම පරිපාලන ගොඩනැගිල්ලක් ලෙස මෙම අඩුපාඩුව තදින් දැනෙන බවයි. මේ සම්බන්ධයෙන් ඔබාමාගේ බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනාද සිය කනස්සල්ල පළ කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.