
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන් දිනය සහ ඇමෙරිකාවේ 250 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ඉකුත් 15 වැනිදා රාත්‍රියේ ධවල මන්දිර ගෙවත්තේ මිශ්‍ර සටන් තරගය පැවැත්වෙද්දී, ධවල මන්දිරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කර තිබුණු බවත් එය ව්‍යර්ථ කිරීමට එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් සමත් වුණු බවත් වාර්තා වේ.
පුපුරණ ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානා රැසක් ප්‍රහාරයට යොදා ගැනීමට නියමිතව තිබුණි. එෆ්.බී.අයි. මැදිහත්වී, සැකකරුවන් පස් දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි.
ධවල මන්දිරය ඉදිරිපිට විශේෂ වේදිකාවක සටන් තරගය පැවැත්වුණු අතර, 4,000 කට ආසන්න පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටියහ. ධවල මන්දිරයේ මේ අයුරින් ක්‍රිඩා තරගයක් පැවැත්වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට හැකිවූයේ ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව යමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd