ඇමෙරිකා ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරය අසල උද්‍යානයට අකුණු සැර වැදීමෙන් සිවු දෙනකු රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා කරයි.

රෝහල් ගත කෙරුණේ පිරිමින් දෙදෙනකු කාන්තාවන් දෙදෙනකු බව ද පැවැසෙයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

අකුණු සැර වැදුණේ ඊයේ (4) සවසය. ඒ වනවිට ප්‍රචණ්ඩ අකුණු කුණාටුවක බලපෑම් වොෂින්ටන් අගනුවරට එල්ල වී තිබුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)