පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ධවල මන්දිරයේ උතුරු තෘණ භූමි ප්‍රදේශයෙන් පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුළුවීම නිසා කලබලකාරී තත්ත්වයක් ඇතිවිය. ක්ෂණයකින් මේ ප්‍රදේශයේ සිටි වාර්තාකරුවන් ඇතුළු සියළු දෙනා ඉවත් කැරිණි.

ඇසින් දුටු අයකු කියා සිටියේ මේ පුද්ගලයා තෘණ භූමිය හරහා දිව ගිය බවයි. මේ මිනිසා ධවල මන්දිරයට ඇතුළු වූයේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි නැත.

මෙය සිදුව ඇත්තේ ඇමෙරිකානු ජනපති ඔබාමා හා දියණිය දකුණු තෘණ භිමි ප්‍රදේශයේ දොරටුවෙන් කෑම්ප් ඩේවිඩ් වෙත නික්මගොස් සුළු මොහොතකිනි.

පසුව යම් පුද්ගලයකු අල්ලාගන්නා ලදුව ගිලන්රථයකට පටවා පිටත්කැර යවා ඇත. සිද්ධියෙන් පැයකට පමණ පසුවත් සුනඛයින් යොදවා පරීක්ෂා කිරීම් සිදුකළ අතර ආරක්ෂක සේවා ද තර කැර තිබිණි. වාර්තාකාරිණියක වන බෙක් බ්‍රිටේන් පැවසුවේ වසර හතක තම සේවා කාලයේ දී ධවල මන්දිර භූමියෙන් ඉවත් කළ ප්‍රථම අවස්ථාව බවයි.