නව උත්සව ශාලාවක් එක් කිරීමේ අරමුණින්, ධවල මන්දිරයේ කොටසක් කඩා දමා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. මෙම උත්සව ශාලාව ඉදිවන්නේ ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුවය.
ධවල මන්දිරය යනු වොෂින්ටන් අගනුවර පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල නිවස සහ ප්‍රධාන සේවා ස්ථානයයි. මෙය නැගෙනහිර අංශය (ඊස්ට් විංග්) සහ බටහිර අංශය (වෙස්ට් විංග්) ආදී වශයෙන් කොටස් දෙකකි.
නව උත්සව ශාලාව නිර්මාණය කිරීම සඳහා මේ වනවිට කඩා බිඳ දැමීම සිදුවන්නේ, ධවල මන්දිරයේ නැගෙනහිර අංශයට අයත් කොටසකි. එම කටයුතු මේවනවිට ආරම්භ වී ඇතැයි පැවැසෙයි. උත්සව ශාලාව වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් වැය වන බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ධවල මන්දිරයට නව උත්සව ශාලාවක් අවශ්‍ය බව ට්‍රම්ප් නිවේදනය කෙළ් මාස කීපයකට පෙරය. එසේ වුවත්, එම උත්සව ශාලාව ඉදි කිරීමට ධවල මන්දිරයට කිසිදු හානියක් සිදු නොකරන බව ඔහු අවධාරණය කර තිබුණි.
“ධවල මන්දිරය කියන්නේ මා ආසම තැන. මම එතැන කිසිම විදියකින් වෙනස් කරන්නේ නැහැ. අලුත් උත්සව ශාලාව ඉදි කෙරෙන්නේ ධවල මන්දිරයට යාබදවයි. ධවල මන්දිරයට කිසිදු ලෙසකින් හානියක් සිද්ධ වෙන්නේ නැහැ.” යැයි ට්‍රම්ප් පවසා තිබුණි.
කෙසේ නමුත් මේවනවිට ධවල මන්දිරයේ නැගෙනහිර අංශයට අයත් කොටසක් කඩා දැමීමේ කටයුතු ආරම්භ වී ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එහි ඡායාරූප ද පළ කරමිණි.
“අවුරුදු 150 ක් තිස්සේ ධවල මන්දිරයට ආ ජනාධිතිවරුන් සියලු දෙනාට තිබුණු අඩුවක් තමයි උත්සව ශාලාවක් නොමැතිකම. රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන්, විදෙස් රාජ්‍ය නායකයන් වෙනුවෙන් සාද පැවැත්වීමට ස්ථානයක් නොමැතිකම. ඒ නිසයි මා මෙම උත්සව ශාලාව ඉදි කිරීමට සැලැසුම් කරන්නේ.” යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
ධවල මන්දිරයේ ඉදිකිරීම් ආරම්භ වූ බව පැවැසෙන්නේ, 1792 ඔක්තෝබර් 13 වැනිදාය. මුලින් එය ජනාධිපති මාලිගාව හෝ විධායක මැදුර වැනි නම් වලින් හැඳින්වූ අතර, 1901 දී ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් විසින් එය ධවල මන්දිරය ලෙස නම් කරන ලදී.
ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කාර්යාල පිහිටා ඇත්තේ මෙම බටහිර අංශයේය. ප්‍රසිද්ධ ඕවල් කාර්යාලය මෙහි පිහිටා ඇත. ධවල මන්දිරයේ මුළු කාමර සංඛ්‍යාව 132 ක් පමණ වන අතර, නාන කාමර 35 ක් පමණද ඇත. සම්පූර්ණයෙන්ම පිටත තීන්ත ආලේප කිරීම සඳහා තීන්ත ගැලුම් 300 ක් පමණ අවශ්‍ය වන බව පැවැසෙයි.
ධවල මන්දිර භූමිය එක්සත් ජනපද ආරක්ෂක සේවය සහ උයන් පොලීසිය විසින් ආරක්ෂා කරනු ලැබේ. එය ලොව බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදයක සංකේතයක් ලෙස සැලකෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ධවල මන්දිරයේ කොටසක් කඩා දැමේ