ඔලිම්පික් ධාවන ශූර ඇමරිකාවේ ටයිසන් ගේ ගේ දියණියට වෙඩි තැබූ බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගියදා කෙන්චුකී හි ලෙක්සින්ටන් පෙදෙසේ දී වෙඩි හුවමාරුවකට මැදිවූ ටයිසන් ගේ ගේ දියණිය ට්‍රිනිටි ගේ (15) ට උණ්ඩයක් වැදීමෙන් මිය ගියාය.

චාසෙරේ ටේලර් (38) සහ ඩිමාර්කේ ටේලර් (19) එසේ අත්අඩංගුවට ගනු ලැබ සිටිති. වෙඩි හුවමාරුවට සම්බන්ධ කරගත් නිල් පැහැති ෆෝඩ් රියක් ද සොයාගත් පොලිසිය පවසයි.

ට්‍රිනිටි ගේ ගේ ගෙලට උණ්ඩය වැදී තිබීම හේතුවෙන් ඇය මියගිය බව කියති.

ටයිසන් ගේ ලොව දෙවැනි වේගවත්ම මිනිසා බවට පත්ව ඇත්තේ මීටර් 100 ධාවන ඉසව්වේ දී ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට පමණක් දෙවැනි වෙමිනි. 

සිය දියණියගේ ඛේදාන්තය අනෙක් අයට පාඩමක් බව ටයිසන් ගේ දියණියගේ අවමංගල්‍ය උත්සවයට එක්වෙමින් පැවසීය. ලෙක්සින්ටන් හි ක්‍රිස්තියාන් පල්ලියේ පැවැති අවමංගල උත්සවයේ දී ඔහු කියා සිටියේ  මේ පවතින සමාජය නැවත හැරවීමට අපට අවශ්‍ය බවයි. දස දහසකට වැඩි පිරිසක් එක්ව සිටි එම අවස්ථාවේ ඔහු සඳහන් කළේ ගොඩක් දරුවන් මේ කාලයේ අනුගමනය කරන්නන් වී සිටින බවයි. සිය දියණිය වෙනුවෙන් කටයුතු කිරීමට පොලිසිය ඇතුළු නිලධාරීන්ට අපේ උදව් අවැසි බවද ඔහු කීවේය.