ඉඩකඩ නොමැතිවීම නිසාවෙන් දරුවන්ට ක්‍රීඩා කිරීම සදහා අවැසිවූ ධාවන පථය වහලය මත ඉදිකිරීමට සිදුවුණු පාසැලක් ගැන චීනයෙන් වාර්තා වේ.
චීනයේ සෙජියෑන්ග් ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම පාසැලේ වහලය මත ඇත්තේ මීටර 200 ක් දිගු සම්පූර්ණ ධාවන පථයකි.එහි පසෙකින් තවත් ක්‍රීඩා පිටියක්ද ඇත.
ධාවන පථය වර්ගමීටර 3000 ක වපසරියකින් යුතුය.
ඉඩකඩ තිබුණේ නැත යැයි කියා පාසැල් දරුවන්ගේ අවශ්‍යතා නොසළකා හැරීමට නොහැකි හෙයින් මෙසේ වහලය මත ධාවන පථය ඉදිකිරීමේ අභියෝගය භාරගත් බව පාසැල් බළධාරීන් කියයි.
ධාවන පථයේ ඇතුළත හා පිටත ඉම අඩි 6 ක උසින් යුත් වීදුරු ප්‍රාකාර වලින් ආවරණය කර ඇත.මෙනිසා දරුවන් සුරක්ෂිතය.ඊට අමතරව ආරක්ෂක කැමරා වලින් ධාවන පථය නිරතුරුවම නිරීක්ෂණයද කෙරේ.
ධාවන පථය වහලය මත තිබෙන හෙයින් අලූත් අත්දැකීමක් නිසාදෝ පාසැලේ සිසුන් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන බව පාසැල් බළධාරීන් පවසයි.
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධාවන පථය වහලේ
සරත් Friday, 19 December 2014 03:19 PM
ඇත්තටම හොදයි. (අ)
සියාඩ් Sunday, 21 December 2014 08:49 PM
තැනට සුදුසු නුවණ! (නි)
හේමාල් Tuesday, 23 December 2014 07:05 PM
මෙම නිර්මාණය ලෝකයේ සම්මානයටද පාත්‍ර වුණා නේද? (නි)
ජනක Friday, 19 December 2014 08:40 AM
මේවා බලල ලංකාවේ අයත් හදයිද දන්නේ නෑ වහලවල් උඩ පිට්ටනි.(හේ)
විජේදාස Saturday, 20 December 2014 08:40 PM
මේක නම් දැවැන්ත නිර්මාණයක් (නි)
කුමාර Saturday, 20 December 2014 03:06 AM
වටිනා වැඩක්. හැබැයි මේ වගේ වැඩ කරන්න පුළුවන් චීනය වාගේ සල්ලි තියෙන රටකට තමයි. (නදී)
ධම්මික Tuesday, 23 December 2014 09:03 AM
හොද අදහසක්. නමුත් සියලුම පහසුකම් නැත. දිවීම පමණි. තැනට සුදුසු නුවනකි (නදී)
සිරිපාල Tuesday, 23 December 2014 09:07 AM
මේ පාරවත් හරියට මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දුන්නොත් සමහර විට අපේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන්ටවත් මේ වගේ දේවල් දැක ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඉතින් ඕවා හීන තමයි. (නදී)
සත්‍යපාල Friday, 19 December 2014 11:05 AM
ජනක, අපි මේවා නොකරන එක තමයි වරද. කොලඹ නගරයේ තිබෙන සීමිත ඉඩ කඩ නිසා සමහර ක්‍රීඩා පිටි තිබෙන තැන්වල තට්ටු ගණනාවකින් යුතු වාහන නැවතුම්පොළ ඉදිකර එහි වහලය මත තනිකරම ක්‍රීඩාපිටි තැනිය හැකිය. ජලය බැසයාමට තිබෙන සහ පරිසර සමතුලිතතාවය රැකෙන වගුරු බිම් ගොඩකර නගරය පුලුල්කරනවාට වඩා එය පරිසර හිතකාමිය. (නදී)
මංගල Wednesday, 24 December 2014 08:34 AM
ඉහත ප්‍රතිචාර දක්වපු කව්රුවත් කල්පනා කරලා නැහැ ක්‍රීඩාවට හිතකර බව. මොකද වායු පීඩනය සුළගේ වේගය ආර්ද්‍රතාවය වගේ දේවල් බලපානවා මේ ක්‍රීඩාවට (නදී)
මානෙල් Sunday, 21 December 2014 05:13 AM
ඒක හොදයි මේකෙදි වඩාත් වැදගත් ළමයිනගේ ආරක්ෂාව.(හේ)
සන්තුෂ් Wednesday, 24 December 2014 03:14 AM
පුදුමාකාර නිර්මාණයක්! (නි)
ඉසුරංගී Monday, 22 December 2014 04:00 AM
සීමිත ඉඩකඩ ඇති තැනට ඔබින අදහසක් (නදී)
සංගීත් Saturday, 20 December 2014 05:57 AM
නව නිර්මාණයක්. විශිෂ්ඨයි. අලුත් සිතුවිලි බිහිවීම තුල තමයි දියුණුව.(හේ)
ශාන් සෞදි Saturday, 20 December 2014 06:23 AM
හොඳ නිර්මාණයක්.(හේ)
ඉරේෂ් එස් කුමාර Tuesday, 23 December 2014 02:48 PM
සුපිරි වැඩක් (නදී)
විජය ශ්‍රී ධර්මපාල Friday, 19 December 2014 12:52 PM
හොඳ නිර්මාණයක් (නදී)
සුදේශ් Tuesday, 23 December 2014 03:24 PM
ලංකාවේ නම් මේවා හදන්න චීනෙට වඩා වැඩි මුදල් යාවි.(හේ)