
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ සෙබස්තියන් ලෙකෝර්නූ සිවු දිනකට පසු යළි එම ධුරයට පත් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කටයුතු කළේය.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් මෙම තීරණය ගත්තේ, ඉලීසේ මාලිගයේ දී (ජනාධිපති මන්දිරය) ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් හමුවී පැය ගණනක් සාකච්ඡා කිරීමෙන් පසුවය. මෙම සාකච්ඡා සඳහා විපක්ෂ නායකයන් වන අන්ත දක්ෂිණාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නායකයන් සහභාගී කර ගැනීමක් සිදුවූයේ නැත.
ප්‍රංශ දේශපාලනයේ බෙදීමක් පවතී. ඒ, එරට ජාතික ණය අඩු කර අයවැය හිඟය පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පවතින දේශපාලන බෙදීම් මීට හේතුවය. ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ මැක්රොන්ට නොව, අන්ත දක්ෂිණාංශික විපක්ෂ කණ්ඩායම් සතුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd