මහ මැතිවරණයෙන් ජය ලැබූවද තෙවැනි වරටත් අගමැතිවීමේ සිහිනයක් නැතැයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසීය.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය මැයි මස හත් වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. කනස්ර්වේටිව් පක්ෂයේ නායකයාද වන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අගමැතිධුරයට පත්වූයේ වසර 200කට පසු එරට පත්වූ ළාබලතම අගමැතිවරයා බවට පත්වෙමිනි.
මැයි මස පැවැත්වෙන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉදිරි වසර පහක කාලයේදී පාර්ලිමේන්තුවෙහි රැඳී සිට ඉන් අනතුරුව දේශපාලනයෙන් ඉවත් වන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
2001 වසරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩේවිඩ් කැමරන් 2005 වසරේදී කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වෙමින් විපක්ෂ නායක ධුරය දැරීය.
2010 වසරේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්ව කන්සර්වේටිව් පක්ෂය හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ලැබූ අතර දෙවැනි එළිසෙබත් මහ රැජිනගේ ආරාධනයෙන් ඩේවිඩ් කැමරන් අගමැතිධුරයට පත්වීය.
තමාගෙන් පසු කන්සර්වේටිව් පක්ෂයේ අගමැති ධුරයට හා පක්ෂ නායකත්වයට පත්වීමට දක්ෂයන් බොහෝ දෙනකු සිටින බවත් තමාගෙන් පසු ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මේයිස්, පාර්ලිමේන්තු මන්තී්‍ර රාජකීය භාණ්ඩාගාරයේ දෙවැනි ස්වාමියා ලෙස කටයුතු කරන ජෝර්ජ් ඔබ්සෝන් හා ලන්ඩන් නගරාධිපති අගමැති තනතුරට සුදුසු බවත් අගමැති ඩේවිඩ් කැමරන් යෝජනා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නායකයින් නම් කරන්නේ දෙවැනි පෙළ නායකයින්ව නැති කරලා හරි කොන් කරලා දාන එක හරි . ඊට පස්සේ ,තුන්වෙනි පාරටත් නායකත්වය හොයනවා. මොකද දෙවැනි පෙළ හොඳ නායකයෙක් නැහැ නේ. ලංකාවේ දෙවැනි පෙළ නායකයින් හැදුවනම් හැදුවේ ජේ ආර් විතරයි . මොන ප්‍රශ්න තිබුනත් එතුමා එහෙම කළා. (ස)
සුමුදු ඔයා වගේ හිතන මිනිස්සු ඉන්නේ අපේ රටවල විතරයි.දියුණු රටවල මිනිස්සු තමන්ගේ මොලේ උඩ වාඩිවෙලා නෙමෙයි ලෝකය දිහා බලන්නේ. අනික දියුණු රටවල් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙද්දී තමන් කරගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා ඇරෙන්න අතරමග නතර කරන්නේ නැහැ. අලුත් කෙනෙකුට අවස්තාව දෙන්න ඕනේ කිව්වේ ඒවටත් පළපුරුදු දක්ෂ තවත් අය ඇති ඒ අතරේ.ඒ අයටත් අවස්තාව ලැබිය යුතුයි කියලයි මම එතන අදහස් කලේ. නැතුව සුමුදු ඔයා ඔය කියන පිස්සු විකාර නෙමෙයි මම අදහස් කලේ. (ස)
මහින්ද මහත්තයෝ හොදට මේක කියවන්න ..නියම මිනිස්සු...(අ)
අපේ විහිලුවන්ස කොලුවා එහෙම මේක දැක්කොත් කියාවි ඕක අධ්රජ්‍යවධින්ගේ උගුලක් ඕකට අහු වෙන්න එපා , අධිරාජ්‍යවධින් ඔක්කොම හරි බයෙන් ඉන්නේ අපේ මහරජානන් වහන්සේගේ නැවත ආගමනය ගැන එම නිසා එතුමාට මඩ ගහන්න කරන දෙයක් කියල කියාවි ,(ස)
සුමුදුගෙ කතාවේ යම්කිසි ඇත්තක් තියෙනවා .(අ)
අපේ රටේ මහජනතාවගේත් දේශපාලනඥයින්ගේත් ආකල්ප මේ මට්ටමට දියුණු වෙන්න තවත් කාලයක් යාවි. රාජාණ්ඩු හෝ වැඩවසම් ක්‍රමයත් ප්‍රජාතන්ත්‍රවාදයත් පටලවාගත් ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
ධුර කාල දෙකේදී තමුන්ගේ සේවා ඉලක්ක සම්පුර්ණ කරලා රට දියුණු කළා නම් තණ්හාව අත්හැරලා ගෙදර ගියාට කමක් නැහැ . (ස)
හිරු නොබසින අදිරාජ්‍යයේ කඩුවෙන් තීන්දු දුන් අය රඟනවද ලෙසින් පිරිසිදු මහත්වරු. (ස)
බලයට පෙරේත අය ඉන්නේ කොහේද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ! (නි)
පොඩි බත් පැකට් එකටයි කසිප්පු වීදුරුවටයි නුගත් ගොන්නු නැවත නැවත රජවරු කරවන්න සිහින දකිමින් රටක් බරට අසුචි පැහැරූ ඔබත් මදක් සිතන්න. ඔබත් ලින් මැඩියෝ නොවේද ? (ස)
මෙන්න මහත්වරු. (නි)
ඉසුරන්දි අලුත් කෙනෙකුට අවස්ථාව දීමක් ගැනත් සරත් දෙවන පෙළ නායකයින් වර්ධනය කිරීම ගැනත් සඳහන් කළත් මේවා නිරපේක්ෂ දේ නොවෙයි. පවතින සන්දර්භය තුළ සිදු විය යුතු දේවල් වේ. බටහිර රටවල් වල වුනත් අර්බුදකාරී අවස්ථාවල එකම නායකයකු කලක් තිස්සේ බලයේ සිට රට ගොඩ නැගු අවස්ථා ඇත. සමහරු කෙටි කලකට හෝ නායකත්වයට පත් වීමම රටට වින්නැහියකි. ඒ අතරම ඇතැමුන්ගේ දිගු කාලින නායකත්වය රටට ආශීර්වාදයකි. රටේ එකී අවස්ථාවේදී පවතින තත්ත්වයටත් සපුරා ගැනීමට අපේක්ෂිත අරමුණුවල ප්‍රමුඛතා අනුපිළිවෙලටත් අදාළ පුද්ගලයාටත් අදාළ කණ්ඩායමෙහි සාමාජිකයන්ගේ ශක්‍යතා වලටත් අනුව උචිත අනුචිත දේ තීරණය කළ යුතුය. මේ සඳහා නිරපෙක්ෂ මිනුම් දඬු නොමැත. විවිධ මට්ටමේ ආයතන පිලිබඳ ඔබගේම අත්දැකීම් සමග සසඳා බලා තේරුම් ගන්න. අනුන්ගේ වචන, අර්ථ දැක්වීම් සහ නිගමන ඔවුන්ගේ අත්දැකීම් වලට සමාජයට සහ සංස්කෘතියට සේම ඒවා අප මත පැටවීමෙන් ඔවුන් සපුරා ගැනීමට අපේක්ෂිත අරමුණු වලටද සාපේක්ෂ වෙයි. එබැවින් ගිරවුන් මෙන් අනුන්ගේ සටන් පාඨ භාවිතා නොකොට පරිස්සමින් සිහි නුවණින් යුතුව කරුණු තෝරා බේරා ගැනීම වැදගත් වෙයි. (බ)
එහෙම තමයි කළ යුත්තේ. දෙපාරකට වැඩිය කෙනෙක් බලේ රැදෙනවා නම් ඒවා අහෝසි කල යුතුයි. තව අලුත් කෙනෙකුට අවස්තාවක් දිය යුතුයි ඒ වෙනුවට. අපේ රටවල් මේවා කවදා ආදර්ශයට ගනීද නොදනිමි. (නදී)
කෝ දැන් මහින්දට බාල්දි අල්ලන අය? මේවට ඔබේ අදහස් දාන්නේ නැද්ද ? (නදී)
අවුරුදු ගණනෙන් වැඩක් නැහැ, රට පාවානොදී (නි)
මේවා ලෝකයේ දියුණු බටහිර යුරෝපයේ සහ අමරික්කාවේ සිදු වුනාට , නොදියුණු මානසික තත්වයක් තිබෙන සංවර්දනය වන සහ නොවුන රටවල සිදු නොවේ , මේවා සිදුවීමට ආර්ථිකව දියුණු නොවුනත් , මානසික දියුණුවක් තිබිය යුතුය .(හේ)
තණ්හාය ජායිති සෝකෝ , තණ්හාය ජායති බයං , ඔය බල තන්හාවෙන් සිටි ලෝකයේ නායකයන් ජීවිතය අවසන් කර ගත් සැටි අපට මතකය , හිට්ලර් , සදාම් හුසේන් , ගඩාෆි තවත් බොහෝ දෙනෙකු (බ)
චමත් සහ සම්පත්ට කිවයුත්තේ මේ අයගේ අත්වල අපේ වීර මුතුන්මිත්තන් රට වෙනුවෙන් හෙළූ ලේ මෙන්ම මෑත අතීතයේ ත්‍රස්තවාදය නිසා මරුදුටු අහිංසක ජනතාවගේද ලේ තැවරී ඇති බවයි. එපමණක් නොව මොවුන්ගේ යටිඋගුල් වල හසුවුණු අපි වැනිම තවත් අහිංසක රටවල් ගණනාවක්ම පරම්පරා ගණනාවක් අහිංසක මිනිසුන්ගේ ලේ වලින් මේ අයගේ දෑත් අපිරිසිදු වී ඇත. (නි)
දෙවරක් බලයේ රැඳීම ගැන අසුබවාදීව කතාකරන හැමෝම හිතන්නේ එය හුදෙක් බලයට පත්වුණ කෙනාගේ ප්‍රයෝජනයට පමණක් ලැබෙන අවස්ථාවක් බවත් එබැවින් හැමටම එම අවස්ථාව ලබාදීම සුදුසු බවත්ය. එහෙත් ප්‍රායෝගික ඇත්ත එය නොවෙයි. සැබෑ නායකත්වය යනු ආයතන මට්ටමේදී වුව දුර්ලභ සම්පතකි . රටකට ජාතියකට නායකත්වය ලබා දී එය දියුණුව කරා මෙහෙයවීමට හැකි නායකයෝ ඉතාම දුර්ලභය. එබැවින් ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම රටට වැඩදායක වේ. මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ යථාර්ථයද එයයි. එතුමා පළමු ධුර කාලයේදී ත්‍රස්තවාදය නිම කළ අතර දෙවැනි ධුර කාලයේදී ආර්ථික වර්ධනය සඳහා පදනම දමනු ලැබිණි. එතුමාගේ තෙවැනි ධුර කාලයක් යනු රටේ ජාතික අවශ්‍යතාවයකි. යම් යම් අඩුපාඩු තිබුනේ වී නමුත් එතුමාගේ පාලනය සමස්තයක් ලෙස රටට හිතකර විය. (නි)
කැමරන් ධුර කාල දෙකකදී අප වැනි රටවලට කර ඇති වින්නැහි ප්‍රමාණය සැළකූවිට කිවයුත්තේ ඔහු තෙවැනි ධුර කාලයක් නොලැබීම ලොවට වැඩදායී බවයි. ඔහු වැන්නෝද අනුන්ගේ රටවල් සූරාකා තම පැවැත්ම සළසා ගන්නා ඔහුගේ රට වැනි රටවලද පැවැත්ම නොව නැවැත්ම ලොවට වැඩදායී වේ. එහෙත් මහින්ද යනු එවැනි දුෂ්ඨයකු නොවේ. එහෙයින් කැමරන්ගේ වචන මහින්ද මැනීමට යොදාගැනීම නිවැරදි නොවෙයි. (නි)
අනේ ඉසුරන්දී, තව කෙනෙකුට පුරුදුවෙන්න අවස්ථාව දෙන්න, රටක නායකකම කියන්නේ මරණාධාර සමිතියක නායකකම වගේ දෙයක් කියා හිතුවද? නැත්නම් බයිසිකල් රේස් එකක් කියා හිතුවද? (නි)
දෙක එක වෙන්නත් පුළුවන් (ම)
තුන්පාරක් ඉන්න ඕනේ මාරාට විතරයි. අනේ තාම එයාගේ ගෝලයෝ මහන්සිවෙන්නේ මරාවම ගේන්නයි. අනේ මෙහෙම තණ්හාවක්. (ස)
තුන්පාරක් ඉන්න ඕනේ මාරට විතරය්. අනේ තාම ඇටලේවකන අය මහන්සිවෙන්නේ මාරවම ගෙන්නය්. අනේ මෙහෙම තණ්හාවක්. (ස)
තුන් පාරක් ඉන්න ඕනේ මහින්දට විතරයි. කට්ටය මහන්සි වෙන්නේ තවම මහින්ද ගේන්නයි. අනේ මෙහෙම තන්හාවක් (නදී)