IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ධාන්‍ය අපනයනයට යුක්රේනය යළි සූදානම්

රුසියාව සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව, යළිත් වරක් ධාන්‍ය අපනයනට කිරීමට යුක්රේනය සූදානම් වෙයි.

යුක්රේනයේ ඔඩසා පළාතේ කළු මුහුදට සම්බන්ධ චෙර්නෝමෝස්ක් වරායේ නැව්වලට ධාන්‍ය පැටවීම ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ නිරීක්ෂණයට ලක් විය. ජනාධිපති සෙලෙන්ස්කී, චෙර්නෝමෝස්ක් වරායට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුක්රේන යනු ලොව ප්‍රධාන පෙළේ තිරිගු, බාර්ලි සහ සූර්යකාන්ත තෙල් අපනයනකරුවාය. රුසියන් ආක්‍රමණයත් සමඟ යුක්රේනයට ධාන්‍ය අපනයනට ගැටලුවක් විය. ඒ, රුසියන් නාවිකන හමුදාව කළු මුහුදේ සිය ආධිපත්‍ය පතුරුවා ගැනීම නිසාය.

ධාන්‍ය අපනයනට ඇණහිටීමත් සමඟ ගෝලීය ආහාර අර්බුදයක් නිර්මාණය විය. දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල් බොහොමයක් එයින් පීඩාවට පත් විය.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් මැදිහත් වී, යුක්රේන රජය සහ රුසියන් රජය අතරේ ධාන්‍ය අපනයන සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තැබුණි. ඒ අනුව, යුක්රේන නැව්වලට ධාන්‍ය අපනයන කටයුතු සඳහා රුසියාවෙන් ඉඩ ලැබේ.

පළමුවෙන් ධාන්‍ය පැටවීම සිදුවූයේ තුර්කි නැව්වලට බව ද පැවැසෙයි. රුසියන් ආක්‍රමණය ආරම්භ වෙද්දී, ධාන්‍ය පැටවූ යුක්රේන නැව් රැසක් යුක්රේන වරායවල සිරවී ඇති බවත් ඒවා කඩිනමින් නැව්ගත වනු ඇති බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කළේය.

සෙලෙන්ස්කී, චෙර්නෝමෝස්ක් වරායට පැමිණියේ තුර්කි නියෝජිතයන් පිරිසක් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක් ද පිරිවරාගෙනය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ධාන්‍ය අපනයනයට යුක්රේනය යළි සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site