තම මිතුරාගේ සුළුපියා වෙඩිතබා මරාදැමිමේ චෝදනාවට වැරදිකරු බවට ඔප්පු වී වසර 25 ක සිරදඩුවමකට යටත්ව සිටින දොළොස් හැවිරිදි දරුවකු ගැන වාර්තා වනුයේ ඇමරිකාවේ ඉන්දියානා ප‍්‍රාන්තයෙනි.
අධිකරණයේදී හෙළිවූ කරුණු අනුව නම් මේ දරුවා සිය මිතුරන් දෙදෙනෙකු සමග නිවසින් පලා යාමට සැළැසුම් කර තිබී ඇත. යහලූවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන කොල්ට් ලැන්ඩි (15) පෝල්ට පවසා ඇත්තේ තම සුළුපියා නම් තමන් පලා ගොස් නැවත හසුවුවහොත් තමන්ට කිසිදු අනුකම්පාවක් නොදක්වනු ඇති බවයි.
මේ නිසා පලා යෑමට පෙර ඔහු මරා දැමිය යුතුයැයි ඔහු පෝල්ට යෝජනා කර ඇත.සිය මිතුරා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමැත්තෙන් සිටි පෝල් කෝල්ට්ගේ සුළු පියාට වෙඩි තබා තිබේ.බරපතළ තුවාළ ලැබූ ෆිලිප් ඩැනර් (49)නම් වූ සුලූ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.සිදුවීම පිළිඹද පරීක්ෂණ ආරම්භ කෙරූ පොලිසිය පෝල්ව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙන්නේ කොල්ට්ගෙන් සහ මරණාසන්නව සිටි ෆිලිප්ගෙන් ලබාගත් තොරතුරු අනුවය.
ඉන්දියානා ප‍්‍රානතයේ අධිකරණ පද්ධතිය ක‍්‍රියාත්මක වන්නේ ඇමරිකාවේ අනෙක් ප‍්‍රාන්ත වලට වඩා වෙනස් ලෙස බව සදහන්ය.අපරාධය බරපතළ නම් කුඩා දරුවන් වුවද වැඩිහිටියන් මට්ටමේලා සැළැකේ.
පෝල්ගේ දෙමව්පියන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අතර මේ දක්වා වූ නඩු ඇසීම් වලින් තීරණයවී ඔහුගේ නඩුව නැවත විභාග කළ යුතු බවයි.මේ තීරණයේද හොද පැත්තක් මෙන්ම නරක පැත්තක්ද ඇත.
නැවත පවත්වන නඩු විභාගයේදී ඔහු කුඩා දරුවකු ලෙස සැළකිය යුතුයැයි තීරණය වුවහොත් පෝල්ට දැනට පැනවී ඇති වසර 25 ක සිර දඩුවම අහෝසි වී වෙනත් ලිහිල් දඩුවමක් පැනැවීමට ඉඩ ඇත.
හදිසියේවත් ඔහු කළ අපරාධය අනුව ඔහු වැඩිහිටියෙකු ලෙස සැළැකිය යුතු යැයි තිරණ වුවහොත් ඔහුගේ සිර දඩුවම තවත් දිගු වී දරුණු ගණයේ අපරාධකරුවන් රදවා සිටින සිරගෙදරකට යැවෙනු ඇත.
ඔහු දැනට සිටිනුයේ බන්ධනාගාරගතව වුවත් සිය ඉගෙනි මේ කටයුතු අතපසු කරගෙන නොමැත.ඔහුගේ අභිප‍්‍රාය හොදින් ඉගෙනගෙන සිරෙන් නිදහස් වූ දවසක හොද රැකියාවක් සොයා ගැනීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය පොඩි ලොකු කියලා නැහැ. වැරැද්ද වැරැද්දමයි. (නි)
නියම හිරගේ. අවුරුදු 25 ක් නෙවේ 50 ක් උනත් ඉන්න පුළුවන්.(නදී)
සිල්වා ලංකාවේ මේවගේ ඒවා වෙනවද මානව හිමිකම් හරස් වෙන්න.වෙන්නේ කොලේ වහල ගැහිල්ලනේ. හැබැයි අපිලු උතුම්ම.(නදී)
සිල්වා, මානෙල්, ඔයාලගේ අවබෝධය ගෙන මම දුක්වෙමි. ලංකාවේ ඔයාලා වගේ අය ඉන්නකල් හදන්න බැ. මානව හිමිකනුයි මෙකයි අතැර සම්බන්දයක් නැ. ඕනෙම සමාජයක අපරාධ වෙනවා. ඇමරිකාවත් නැත්නම් ලංකාවේ මිනිස්සු දැනටත් වහල්ලු වෙලා.(නදී) ඔයාලනම් නියම රට හරක්.
අපේ ලංකාවේ නම් බාලවයස්කාර කියලා ඔහොම දේවල් ගණන් ගන්නේ නැහෙනෙ. කට්ටියට තේරුම් ගන්න බැහැ එහෙම අය රටටම කොඩිවිනයක් කියලා. ධර්මද්වීපේ.(නදී)
ලංකාවෙත් නිතිය මේ වගේද? ඔවු මේ වගේ තමා. ඔහේටයි මටයි. (නි)
මේ වගේ රටක මිනිස්සු තමා අපට වීරුද්ධව යුද අපරාද ගැන උගන්නන එන්නේ.(නදී)
ලංකාවෙත් මෙහෙම කළා නම් මොකද? (නි)
දඩුවම් දීමත් ප්‍රශ්නයක්. දඩුවම් නොදුන්නොත් ඒකත් ප්‍රශ්නයක්. නීතිය තවම දුර්වලයි. (නි)
පොඩි එකා වුණත් කරලා තියෙන වැඩේ ලොකුයිනේ. ඉතින් පරිප්පු කන්නම වෙනවා පුතේ. පේනවා නේද ඇට්ටර පෙනුම (නි)
ඇමරිකාවේ මේ වගේ දේවලුත් වෙනවාද? පුදුමයි නේද? ලංකාවේ මේවාට මානව හිමිකම්වරු හරස් වෙනවා. (නි)